භානුක අමරසිංහ
විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකිකයන් 2025 වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා මුල් මාස 11 දී මෙරට වෙත එවූ සමස්ත ප්‍රේෂණ මුදල්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 7,197.7ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය පසුගිය වසරේ එම කාලසීමාවේදී මෙරටට ලැබුණු ප්‍රේෂණ මුදල්වල වටිනාකම වූ ඩොලර් මිලියන 5,961.6 ට සාපේක්ෂව ඩොලර් මිලියන 1,235.5 ක එනම් සියයට 20.7 ක වර්ධනයකි.
මෙහිදී නොවැම්බර් මාසයේදී පමණක් ඩොලර් මිලියන 673.4 ක් වටිනා විදේශ මුදල් ප්‍රේෂණ ලැබීමක් සිදුව ඇති අතර, එය පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී හිමි වුණු ඩොලර් මිලියන 530.1 ක වටිනාකම හා සැසඳීමේදී ඩොලර් මිලියන 143.3 ක එනම් සියයට 27 ක වැඩිවීමකි.
මේ වසරේ ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් දක්වා පිළිවෙළින් ඩොලර් මිලියන 573ක්, 548ක්, 693ක්, 646ක්, 642ක්, 636ක්, 697ක්, 681ක්, 696ක් සහ 712ක් ලෙස මෙම ප්‍රේෂණ ගලාඒම් වාර්තා වී තිබේ.
මුල් මාස 11 දී ප්‍රේෂණ ගලාඒමේ සියයට 20.7 ක වර්ධනයක්