IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මුල් මාස 11 තේ නිෂ්පාදනය කිලෝ මිලියන 242 ඉක්මවයි

2024 වසර හා සැසඳීමේදී සියයට 0.70ක ඉහළ යාමක්

භානුක අමරසිංහ

2025 වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ මෙරට තේ නිෂ්පාදනය කිලෝ මිලියන 242.57ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2024 වසරේ එම කාලසීමාවේදී වාර්තා කළ කිලෝ මිලියන 240.88ක තේ නිෂ්පාදනය හා සැසඳීමේදී තේ කිලෝ මිලියන 1.69 ක එනම් සියයට 0.70ක ඉහළ යාමක් බව තේ වෙන්දේසි ආයතනයක් වන  Forbes and Walker  පවසයි.
මෙහිදී 2024 වසරට සාපේක්ෂව 2025 වසරේ එම කාලසීමාවේදී සියලු‍ම වගා මට්ටම්වල තේ නිෂ්පාදනය ඉහළ ගොස් තිබේ. 
ඒ අනුව උස් වගා බිම් තේ නිෂ්පාදනය කිලෝ මිලියන 49.96ක සිට කිලෝ මිලියන 50.55ක් දක්වා සියයට 1.18කින්ද, මැදි වගා බිම් තේ නිෂ්පාදනය කිලෝ මිලියන 42.69ක සිට 43.48 ක් දක්වා සියයට 1.85කින්ද, පහත් වගා බිම් තේ නිෂ්පාදනය කිලෝ මිලියන 146.15 ක සිට 146.39ක් දක්වා සියයට 0.17කින්ද ඉහළ ගොස් තිබේ. 
එසේම ග්‍රීන් ටී නිෂ්පාදනය කිලෝ මිලියන 2.07 ක සිට 2.13ක් දක්වා සියයට 3.17කින් ඉහළ ගොස් තිබේ.
මේ අතර, පසුගිය නොවැම්බර් මාසයේදී මෙරට තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 21.45ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2024 වසරේ නොවැම්බර් මාසයේදී වාර්තා වූ කිලෝ ග්‍රෑම් මිලියන 22.73ක තේ නිෂ්පාදනය හා සැසඳීමේදී කිලෝ  මිලියන 1.28 ක එනම් සියයට 5.62ක අඩුවීමක් බව  Forbes and Walker  සඳහන් කරයි.



අදහස් (0)

මුල් මාස 11 තේ නිෂ්පාදනය කිලෝ මිලියන 242 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site