IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


මුල් මාස 10දී විදේශ මුදල් ප්‍රේෂණ ලැබීමේ සියයට 20.1ක වර්ධනයක්

  • ඔක්තෝබරයේදී වාර්තාගත ලෙස ඩොලර් මිලියන 712ක ප්‍රේෂණ ගලා ඒමක්

2025 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා ගත වූ මුල් මාස 10ක කාලයේදී ලැබුණු විදේශ මුදල් ප්‍රේෂණවල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 6,523.7ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2024 වසරේ එම කාලසීමාවේදී ලැබුණු ඩොලර් මිලියන 5,431.5 හා සැසඳීමේදී ඩොලර් මිලියන 1,092.2 ක එනම් සියයට 20.1 ක වර්ධනයකි.

රුපියල් වටිනාකම අනුව මෙය රුපියල් බිලියන 1,954.5 ක් ලෙස සටහන්ව තිබේ. එය 2024 වසරේ එම කාලසීමාවේදී වාර්තා කළ රුපියල් බිලියන 1,650.0 හා සැසඳීමේදී සියයට 18.5ක වර්ධනයකි. 

ඒ අතරින් මේ වසරේ ඔක්තෝබර් මාසයේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 712 ක වාර්තාගත ප්‍රේෂණ ගලා ඒමක් සිදුව ඇති අතර, 2024 ඔක්තෝබර් මාසයේදී එය ඩොලර් මිලියන 587.7ක් ලෙස සටහන් විය. රුපියල් වටිනාකම අනුව 2025 වසරේ ඔක්තෝබර් මාසයේදී ලැබුණු ප්‍රේෂණවල වටිනාකම රුපියල් බිලියන 215.8ක් විය. 2024 ඔක්තෝබර් මාසයේදී එය රුපියල් බිලියන 172.7ක් විය.



අදහස් (0)

මුල් මාස 10දී විදේශ මුදල් ප්‍රේෂණ ලැබීමේ සියයට 20.1ක වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site