IMG-LOGO

2025 ජුලි මස 21 වන සඳුදා


මිල දර්ශක දින දෙකකදී ඒකක හාරසියයකින් පහතට

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු වාර්තාගත ලෙස පහත වැටීමක් වාර්තා කරයි. පසුගිය ජනවාරි මුල් සතියේ සිට ක්‍රමයෙන් වර්ධනය වූ දර්ශක නැවතත් ආපසු එතැනටම පත්ව තිබෙන බව නිරීක්ෂණය කළ හැකිය. සඳුදා (මාර්තු 10 සහ ඊයේ) ගනුදෙනු අවසන් වන විට දින දෙකක් ඇතුළත සියලු කොටස් මිල දර්ශකය ඒකක හාරසිය හතරකින් පහත වැටී තිබීම විශේෂත්වයකි. කොටස් වෙළෙඳපොළ හා විනිමය හා සුරැකුම් කොමිසම එකතු වී මෙම වස අවසානයේ දී ආයෝජන ප්‍රවර්ධන වැඩසටහනක් සූදානම් කර ඇති අතර එවැනි වාතාවරණයක් මැද පවා පවතින දුබලතාව අවධානයට ගත යුතු කරුණකි. 


ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,710.57 තෙක් පහළ වැටුණු අතර එය දර්ශක 290.21 ක සෘණ අගයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,680.82 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 94.28 ක පහළ වැටීමක් සේ දැක්විය හැකිය. 
හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 117 ක්, රීල් ප්‍රොපටි රු. මිලියන 94 ක්, අඇක්සස් ඉන්ජිනියරිං රු. මිලියන 85 ක්, නේෂන් ට්‍රස්ට් බැංකුව රු. මිලියන 79 ක්, මෙල්ට්ස් ක්‍රොප් රු. මිලියන 79 ක් එල්. ඕ. එල්. සී රු. මිලියන 72 ක් සහ සම්පත් රු. මිලියන 71 ක්, වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද සමාගම් තිබුණි. 
වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 16,949 ක් වූ අතර එහි දී සමාගම් 45 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහතට වැටුණ සමාගම් ගණන 191 කි. දිනයේ පිරිවැටුම රු. බිලියන 2.49 දක්වා අගයක් වාර්තා කළේය. පසුගිය දින දෙක තුළ විදේශ මිල දී ගැනීම් සඳහා උනන්දුවක් පැවැතිණ. කෙසේ වෙතත් දේශීය සුළු ආයෝජකයන් මිල දී ගැනීම් සීමාකරන ලද බව නිරීක්ෂණය කළ හැකි විය. සමාගම් සැලකිය යුතු ප්‍රමාණයක මිල ගණන් අඩු වී ඇති අතර කොටස් මිල දී ගැනීම සඳහා යෝග්‍ය පසුබිමක් පවතී.
නිරීක්ෂක



අදහස් (0)

මිල දර්ශක දින දෙකකදී ඒකක හාරසියයකින් පහතට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site