IMG-LOGO

2025 ජුලි මස 28 වන සඳුදා


මිල ගණන් වැඩි නිසා බිස්නස් පහත වැටිලා

දෙමටගොඩ එළවළු ව්‍යාපාරික  එස්. අමිර්තලිංගම්


මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට ගිය ගමනේ දී වසර තිස්නවයක කාලයක් පුරාවට දෙමටගොඩ වෙළෙඳ නගරයේ එළවළු ව්‍යාපාරයේ නියුතු ව්‍යාපාරික එස්. අමිර්තලිංගම් මහතාගේ වෙළෙඳ ආයතනය වෙත ගොඩවැදුණු අවස්ථාවේ මේ දිනවල බිස්නස් සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි. 


Q: මේ දිනවල බිස්නස් කොහොමද?
මේ දිනවල එළවළුවල මිල ගණන් වැඩිවීම නිසා බිස්නස් පහත වැටිලා තියෙන්නේ. බිස්නස්වල කඩාවැටීමක් වෙලා නෑ. මේ දවස්වල වැස්සත් එකක් යම් මට්ටමකට බිස්නස් අඩුවෙලා තියෙන්නේ. 


Q: බිස්නස් මේ තත්වයට පත්වීමට බලපෑ හේතු මොනවාද?
එළවළුවල මිල ගණන් වෙනස් වෙන්න වැස්ස ප්‍රධානවම බලපානවා. අපි පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයෙන් එළවළු අරගෙන ඇවිත් තමයි බිස්නස් කරන්නේ. මේ දවස්වල වැස්සත් එක්ක භාණ්ඩවල මිල දවසෙන් දවස වෙනස් වෙනවා. 
අපි අද දවසේ වැඩි මිලක් දීලා අරගෙන එන එළවළුවල මිල හෙට දවසේ පහත යනවා. අපි වැඩි මිලක් යොඳවලා එළවළු ගෙනත් ඒවා අඩුමිලකට විකුණනවා කියන්නේ අපිට වෙන්නේ පාඩුවක්. එනිසා බිස්නස් යන විදිහ බලලා තමයි අපි එළවළු වෙළෙඳපොළට ගේන්නේ. ඒකයි මේ එළවළු ව්‍යාපාරික ස්ථාන පාලුවට ගිහින් තියෙන්නේ. නැතුව බිස්නස්වල කඩාවැටීමක් වෙලා නැහැ. 

මනීෂා වීරසිංහ
ඡායාරූප  සුමුදු හේවාපතිරණ



අදහස් (0)

මිල ගණන් වැඩි නිසා බිස්නස් පහත වැටිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site