IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


මාරියෝ පෙරේරා ලංකාවේ - මාලදිවයිනේ Coca-Cola මුල් පුටුවට

ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ප්‍රධානියා ලෙස මාරියෝ පෙරේරා මහතා පත්කළ බව කොකා-කෝලා සමාගම පසුගියදා නිවේදනය කළේය. ආහාර පාන ක්ෂේත්‍රයේ වසර 14කට වැඩි පළපුරුද්දක් සහිත මාරියෝ රටවල් රැසක ගෝලීය වෙළෙඳ නාම සමග කටයුතු කරමින් කලාපීය හා ගෝලීය වශයෙන් සුවිශේෂී අත්දැකීම් මෙන්ම පළපුරුද්දක් හිමි කරගෙන සිටියි.
මීට පෙර එම තනතුරෙහි කටයුතු කරන ලද්දේ කෞෂාලි කුසුමපාල මහත්මියයි. මාරියෝ එම තනතුරට පත් වීමත් සමග ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ කොකා-කෝලාහි වර්ධනය, නවෝත්පාදනය සහ ප්‍රජාව කෙරෙහි වන බලපෑම ඉහළ නැංවීම සඳහා බෝතල් කිරීමේ නියෝජිතායතන සහ බාහිර පාර්ශවකරුවන් සමග සමීපව කටයුතු කරනු ඇත.
එසේම මෙහිදී තිරසාර සංවර්ධනය, නවෝත්පාදනය සහ මෙහෙයුම් විශිෂ්ටත්වය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට මාරියෝ බලාපොරොත්තු වෙයි. තවද සමාගම මගින් හඳුන්වා දී ඇති බීම වර්ග තවදුරටත් වෙළෙඳපොළේ පුළුල් කිරීම, දිනෙන් දින වෙනස්වන පාරිභෝගික අවශ්‍යතාවලට සරිලන නව නිෂ්පාදන හඳුන්වා දීම මෙන්ම, පාරිසරික තිරසාරභාවය සහ ප්‍රජා සංවර්ධනය සඳහා කොකා-කෝලා හි කැපවීම ශක්තිමත් කිරීම වෙනුවෙන් බෝතල් කිරීමේ නියෝජිතායතන සමග සහයෝගයෙන් කටයුතු කිරීමටද මාරියෝට හැකි වනු ඇත.
2018 වසරේදී ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ දේශීය අලෙවිකරණ කළමනාකරු ලෙස මනා පළපුරුද්දකින් යුතුව කොකා-කෝලා සන්නාමය සමග එක් වූ මාරියෝ විවිධ බීම කාණ්ඩවල සන්නාම උපායමාර්ග හා ප්‍රචාරණ මෙහෙයුම් හි පෙරමුණ ගෙන කටයුතු කරන ලදී. එහිදී සන්නාමයෙහි පිළිගැනීම ඉහළ නංවමින් වැඩි පාරිභෝගික පිරිසක් ආකර්ෂණය කර ගැනීමට කටයුතු කළ ඒ මහතා වෙළෙඳපොළ තුළ ස්ථාවර ව්‍යාපාර වර්ධනයක් ලබා දීමටද කටයුතු කරන ලදී.
පසුගියදා මධ්‍යම හා නැගෙනහිර කලාපයන්හි අලෙවිකරණයේ පෙරමුණ ගනිමින් ඉන්දියාවේ සහ නිරිත දිග ආසියාවේ  (INSWA)  ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව තනතුරුවලද කටයුතු කර ඇති මාරියෝ නිෂ්පාදන ඉහළ නැංවීම, ඉහළ පාරිභෝගික අත්දැකීමක් ලබා දීම සහ බෝතල් කිරීමේ නියෝජිතවරුන් සමග සමීපව කටයුතු කිරීමද විශේෂත්වයකි. තවද කලාපීය වැඩසටහන් සහ නවෝත්පාදන ව්‍යාපෘති කළමනාකරණය කිරීම, වෙළෙඳපොළ හරහා මහා පරිමාණ අලෙවිකරණ හා පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීම සම්බන්ධ වැඩසටහන් මෙහෙයවීමට කටයුතු කළ මාරියෝ කොකා-කෝලා සන්නාමය පාරිභෝගිකයන් අතර සුවිශේෂී සන්නාමයක් බවට පත් කිරීමට පියවර ගන්නා ලදී. 



අදහස් (0)

මාරියෝ පෙරේරා ලංකාවේ - මාලදිවයිනේ Coca-Cola මුල් පුටුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site