භානුක අමරසිංහ
මේ වසරේ මාර්තු මාසයේදී මෙරට තේ ඵලදාව තේ කිලෝග්‍රෑම් මිලියන 24.4ක් ලෙස සටහන් වන බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය මගින් නිකුත් කළ දත්ත පෙන්වා දෙයි. ඒ අනුව මෙය පසුගිය වසරේ මාර්තු මාසයේදී වාර්තා වූ කිලෝග්‍රෑම් මිලියන 19.5 හා සැසඳීමේදී සියයට 25ක කැපී පෙනෙන වර්ධනයකි.
මාර්තු මාසයේදී පෙන්නුම් කළ මෙම සාර්ථකත්වයත් සමගින්ම 2025 පළමු කාර්තුවේදී ජාතික තේ නිෂ්පාදනය තේ කිලෝග්‍රෑම් මිලියන 61.7ක් දක්වා ඉහළ නැග තිබේ. එය පසුගිය වසරේ පළමු කාර්තුවේදී වාර්තා කළ කිලෝග්‍රෑම් මිලියන 58.1 හා සැසඳීමේදී සියයට 6ක වර්ධනයකි. මෙහිදී සියලුම තේ වගා මට්ටම්වල තේ ඵලදාව පෙර වසර හා සැසඳීමේදී ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ. ඒ අතරින් මැදි බිම් තේ කිලෝග්‍රෑම් මිලියන 11ක් ලෙස සියයට 9කින්ද, ඉහළ බිම් තේ කිලෝග්‍රෑම් මිලියන 13.8ක් දක්වා සියයට 6කින්ද, පහත් බිම් තේ කිලෝග්‍රෑම් මිලියන 36.9ක් දක්වා සියයට 5.5කින්ද ඉහළ නැග තිබේ.
මේ අතර පළමු කාර්තුවේදී මෙරට තේ ඵලදාව කිලෝග්‍රෑම් මිලියන 61.7ක් ලෙස සටහන්ව ඇති අතර, එය වසර තුනකට පසුව වාර්තා කළ ඉහළම අගය ලෙසින්ද සැලකෙයි.
මාර්තුවේදී තේ ඵලදාව ඉහළට