IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


මාර්තු මාසයේ ඩො.මි 693.3ක ඉතිහාසගත විදේශ ප්‍රේෂණ

මාස 75 කට පසුව වාර්තා කළ වැඩිම විදේශ ප්‍රේෂණ ප්‍රමාණය
පසුගිය පෙබරවාරි මාසය සමග සංසන්දනය කරනවිට සියයට 26.5 ක ඉහළ යාමක්
පළමු කාර්තුවේදී මෙරටට ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය සියයට 18.12 කින් ඉහළ ගොස් ඩො. බි. 1.81 සීමාව පසුකරලා
පසුගිය වසරේදී මෙරටට ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩො. බි. 6.57 ක්
2023 වසරේදී මෙරටට ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩො. බි. 5.69 ක්


විමුක්ති එස්. රුද්‍රිගු


විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරටට ඒවා ඇති වැඩිම විදේශ ප්‍රේෂණ ප්‍රමාණය විය. එසේම එය මාස 75 කට පසුව වාර්තා කළ වැඩිම විදේශ ප්‍රේෂණ ප්‍රමාණයද වූවේය.
මෙම වසරේ මාර්තු මාසයේදී විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් මෙරටට ඒවා ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදල පසුගිය වසරේ මාර්තු මාසය සමග සංසන්දනය කරන විට සියයට 21.21 ක ඉහළ යාමක් බවත් පසුගිය පෙබරවාරි මාසය සමග සංසන්දනය කරනවිට සියයට 26.5 ක ඉහළ යාමක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.
පසුගිය මාර්තු මාසයේදී මෙරටට ගලා ආ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය, ඉතිහාසයේ මෙතෙක් මාසයකදී මෙරටට ලැබුණු තෙවැනි විශාලතම විදේශ ප්‍රේෂණ ප්‍රමාණයද වේ. 2020 වසරේ දෙසැම්බර් මාසයේදී විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 812.7 ක මුදලක් මෙරටට ඒවා තිබූ 2018 වසරේ ජනවාරි මාසයේදී විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 729.35 ක මුදලක් මෙරටට ඒවා තිබිණ.
ශ්‍රී ලංකා මහා බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තා විශ්ලේෂණය කිරීමේදී මෙවැනි විශාල මුදලක් පසුගිය මාර්තු මාසයේදී විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් මෙරටට ඒවා ඇත්තේ සිංහල හා හින්දු අලු‍ත් අවුරුද්ද නිසාවෙන් බවද පෙනී යයි.
පසුගිය මාර්තු මාසයේදී මෙරටට ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක විශාල විදේශ ප්‍රේෂණ ප්‍රමාණය හේතුවෙන් පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව මෙම වසරේ පළමු කාර්තුවේදී මෙරටට ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය සියයට 18.12 කින් ඉහළ ගොස් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.81 සීමාව පසුකර ඇත.
වාර්ෂිකව මෙතෙක් වාර්තා කළ ඉහළම විදේශ ප්‍රේෂණ ප්‍රමාණය වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 7.24 ක මුදල් වාර්තා වූ 2016 වසරේ පළමු කාර්තුව සමග සංසන්දනය කරන විට මෙම වසරේ පළමු කාර්තුවේදී මෙරට ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය සියයට 1.2 කින් ඉහළ ගොස් ඇත. 2016 වසරේ පළමු කාර්තුවේදී මෙරටට ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.79 ක් ලෙස සටහන් විය.
පසුගිය වසරේදී, මෙරටට ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.57 ක් වූ අතර එය එම අවස්ථාවේදී වසර හතරකින් වාර්තා වූ ඉහළම අගයද වූවේය. එය 2023 වසර සමග සංසන්දනය කරන විට සියයට 10.1ක ඉහළ යාමක් විය. 2023 වසරේදී මෙරටට ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 5.69 ක් වූවේය.
2014 සහ 2018 අතර කාලදී වාර්ෂිකව මෙරටට ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය සාමාන්‍යයක් ලෙස ඇමෙරිකානු ඩොලර් බිලියන 7 ක් ලෙස සටහන් වූ අතර එහිදී මාසික සාමාන්‍ය ඇමෙරිකානු ඩොලර් මිලියන 600 ක් විය.



අදහස් (0)

මාර්තු මාසයේ ඩො.මි 693.3ක ඉතිහාසගත විදේශ ප්‍රේෂණ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site