IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


මාර්තු උද්ධමනය ඉහළ යයි

යොහාන් භාසුර

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු මාසයේ උද්ධමනය ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය. 

පෙබරවාරි මාසයේ සියයට සෘණ 3.9 ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය මාර්තු මාසයේ සියයට සෘණ 1.9 ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම දෙපාර්තමේන්තුව කීය.

පෙබරවාරි මාසයේ සියයට සෘණ -1.1 ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය මාර්තු මාසයේ සියයට 0.8 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පෙබරවාරි මාසයේ සියයට සෘණ 6.0 ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය මාර්තු මාසයේ සියයට සෘණ -4.1 ක් දක්වා වැඩි වී ඇති බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය. 



අදහස් (0)

මාර්තු උද්ධමනය ඉහළ යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site