විමුක්ති එස් රුද්‍රිගු
හොංකොංහි පිහිටි ආසියානු පරිත්‍යාගශීලීත්වය සහ සමාජ මධ්‍යස්ථානයට අනුව ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයන් 13,607 කට දළ වශයෙන් එක් ලාබ නොලබන සංවිධානයක් පවතින බව ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය පවසයි.
කෙසේ නමුත් පසුගිය වසරේ පැවැති ප්‍රතිපත්ති සාකච්ඡා සඳහා නිතිපතා සහභාගී වී ඇත්තේ ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 10 ක් පමණක් බවද ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය ප්‍රකාශ කළේය.
හොංකොංහි පිහිටි ආසියානු පරිත්‍යාගශීලීත්වය සහ සමාජ මධ්‍යස්ථානය යනු ආසියාව පුරා සිදුකරන පරිත්‍යාගවල ප්‍රමාණය, ගුණාත්මකභාවය සහ පහසුකම් සැපයීමට කටයුතු කරන සුබ සාධන ආයතනයකි.
එම සංවිධානය සිදුකරන ප්‍රධාන සමීක්ෂණයක් වන්නේ යහපත් දේ සිදුකිරීමේ දර්ශකය බවද ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය පැවැසුවේය. යහපත් දේ සිදුකිරීමේ දර්ශකය 2026 පස්වැනි අදියර සඳහා සමාජ බෙදාහැරීම් සහ සුබ සාධන අංශයේ නියැලී සිටින පුද්ගලයන්ට හෝ ආයතනවලට එළඹෙන පළමු වැනිදාට පෙර සහභාගී විය හැකි බව ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය ප්‍රකාශ කළේය.
මෙරට සෑම පුද්ගලයන් 13,607කට එක් ලාබ නොලබන සංවිධානක්