IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


මෙරට ණය කාඩ්පත්වල හිඟ මුදල රුපියල් බිලියන 160.9 දක්වා ඉහළට


විමුක්ති එස් රුද්‍රිගු


පොලී අනුපාත පහළ යාමත් සමග පරිභෝජනය ඉහළ යාම හේතුවෙන් මෙම වසරේ ජූනි මාසය අවසන් වනවිට මෙරට ණය කාඩ්පත්වල ගෙවීමට ඇති හිඟ මුදල රුපියල් බිලියන 160.9 දක්වා ඉහළ ගියේය. පසුගිය වසරේ ජූනි මාසය අවසන් වන විට මෙරට ණය කාඩ්පත්වල ගෙවීමට ඇති හිඟ මුදල රුපියල් බිලියන 150.1 ක් විය. ඒ අනුව ඊට සාපේක්ෂව මෙම වසරේ ජූනි මාසය අවසානයේදී මෙරට ණය කාඩ්පත්වල ගෙවීමට ඇති හිඟ මුදල සියයට 7.2 කින් වර්ධනය වී ඇත. මෙම වසරේ මැයි මාසයේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 2,064,810 ක් වූ අතර, එය ජූනි මාසය අවසානයේදී 2,075,744 දක්වා වර්ධනය වී තිබේ.

2024 වසර අවසාන වනවිට මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 2,008,456 ක් වූ අතර, ඒ අනුව මෙම වසරේ පළමු මාස 6 තුළදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 56,354 කින් ඉහළ ගොස් ඇත.



අදහස් (0)

මෙරට ණය කාඩ්පත්වල හිඟ මුදල රුපියල් බිලියන 160.9 දක්වා ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site