භානුක අමරසිංහ
ඇමෙරිකා එක්සත් ජනපදයේ කෙටි ආහාර අලෙවි දාමයක් වන Subway හි ශ්‍රී ලංකාවේ වරලත් අලෙවි නියෝජිතයා වන International Lifestyle Brand (පෞද්) සමාගම මෙරට තුළ සිය ආපනශාලා ජාලය තවදුරටත් ව්‍යාප්ත කිරිමට සැලසුම් කර ඇතැයි පවසයි.
ඒ අනුව පසුගිය ඔක්තෝබර් මාසයේදී එම සමාගම කලම්බු සිටි සෙන්ටර්හිදී සිය නවතම ආපනශාලාව විවෘත කළ අතර, තවත් ආපනශාලාවක් මෙම වසර අවසානයේදී කොළඹ වරාය නගරය තුළ විවෘත කිරිමටද සැලසුම් කර ඇතැයි එහි ප්‍රධාන විධායක නිලධාරිනී හිමාලි රොද්‍රිගෝ සඳහන් කර සිටියි.
මීට අමතරව එම සමාගම යටතේම ක්‍රියාත්මක ඉතාලියානු කෝපි අලෙවිසැල් සන්නාමයක් වන Segafredo Caffe හි ආපනශාලාද තවදුරටත් ව්‍යාප්ත කිරිමට අදහස් කරගෙන සිටින බවත් සමාගම පවසයි.
මෙරට Subway ආපනශාලා තවදුරටත් ව්‍යාප්ත කිරීමට යයි