කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
පාරිභෝගික ජනතාවට වඩාත් පහසුකම් සැලසීමේ අරමුණින් වසර දොළහක් අම්බලන්ගොඩ දුම්රිය නැවතුම් පොළ පාරේ පවත්වාගෙන ගිය ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ අම්බලන්ගොඩ ශාඛාව අම්බලන්ගොඩ කුලරත්න පාරේ නව තෙමහල් ගොඩනැගිල්ලකට ගෙන යාමේ උත්සවය එම බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ධම්මික හපුහින්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
මේ අවස්ථාවට අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති අසේල ගොඩහේවා, ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ කලාප කළමනාකරු සමන් පද්මධීර, ශාඛා කළමනාකරු ලසන්ත රණසිංහ යන මහත්වරුන් ඇතුළු පාරිභෝගිකයෝ රැසක්ම සහභාගී වූහ.
ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ අම්බලන්ගොඩ ශාකාවේ කළමනාකරු ලසන්ත රණසිංහ මහතා පීත්ත පටිය කපා බැංකු ශාඛාව විවෘත කළේය. ඉන් අනතුරුව එම බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ධම්මික හපුහින්න මහතා ඇතුළු පිරිස චාරිත්‍රානුකූලව පොල් තෙල් පහන දැල් වූහ.
මර්චන්ට් බැංකුවේ අම්බලන්ගොඩ ශාඛාව නව පරිශ්‍රයක