IMG-LOGO

2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා


මීරිගම සහ ගලගෙදර නව ශාඛා සමගින් LOLC ෆිනෑන්ස් ව්‍යාප්තිය තවත් පුළුල් වෙයි

LOLC ෆිනෑන්ස් පීඑල්සී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ පුද්ගලික මූල්‍ය අංශයේ ප්‍රධානී චරිත් ජාගොඩ මහතා සහ LOLC ෆිනෑන්ස් පීඑල්සී රන් ණය අංශයේ ප්‍රධානී නිශාන්ත ජයසේකර මහතා, LOLC ෆිනෑන්ස් ගලගෙදර ශාඛාව විවෘත කළ අවස්ථාව


LOLC ෆිනෑන්ස් පීඑල්සී ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මොන්ටිනි වර්ණකුල මහතා සහ LOLC ෆිනෑන්ස් පීඑල්සී ශාඛා ජාලයේ ප්‍රධානී ප්‍රසන්න කරඳගොල්ල මහතා, පීත්ත පටිය කපමින් LOLC ෆිනෑන්ස් මීරිගම ශාඛාව විවෘත කළ අවස්ථාව.


ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ප්‍රජාව සමීපයටම විශ්වාසදායක මූල්‍ය සේවා සැපයීම සඳහා වන සිය කැපවීම ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනය (NBFI), LOLC ෆිනෑන්ස් පීඑල්සී, මීරිගම සහ ගලගෙදර යන ප්‍රදේශවල නව ශාඛා දෙකක් විවෘත කරමින් දිවයින පුරා සිය පියසටහන් තවදුරටත් පුළුල් කරනු ලැබීය.

මීරිගම, අමරතුංග මාවතේ අංක 14/1 හි පිහිටි මිරිගම ශාඛාව 2026 ජුනි 18 වන දින උත්සවාකාරයෙන් විවෘත කරන ලද අතර, ගලගෙදර, රඹුක්කන පාරේ අංක 179/ඊ හි පිහිටි ගලගෙදර ශාඛාව 2026 ජූලි 02 වන දින මෙහෙයුම් ආරම්භ කරන ලදී. මෙම නව ශාඛා විවෘත කිරීම්, දිවයින පුරා ගනුදෙනුකරුවන්ට මූල්‍ය සේවා ප්‍රවේශය වැඩි දියුණු කිරීම සහ පහසු මූල්‍ය විසඳුම් පිරිනැමීම සඳහා අඛණ්ඩව ක්‍රියාත්මක LOLC ෆිනෑන්ස් හි උපාය මාර්ගයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

 මිරිගම සහ ගලගෙදර ශාඛා මගින් ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු, ලීසිං පහසුකම්, ව්‍යාපාර සහ පුද්ගලික ණය, රන් ණය, කුඩා හා මධ්‍ය පරිමාණ මූල්‍ය පහසුකම්, ඩිජිටල් මූල්‍ය විසඳුම් සහ ගනුදෙනුකරුවන්ගේ විවිධ මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කර ඇති මූල්‍ය සේවා ඇතුළු LOLC ෆිනෑන්ස් හි සේවා සියල්ල සඳහා ප්‍රවේශය ලබා දෙනු ඇත.

මිරිගම ශාඛාව උත්සවාකාරයෙන් විවෘත කිරීමේ අවස්ථාවට LOLC ෆිනෑන්ස් පීඑල්සී ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මොන්ටිනි වර්ණකුල සහ LOLC ෆිනෑන්ස් පීඑල්සී ශාඛා ජාලයේ ප්‍රධානී ප්‍රසන්න කරඳගොල්ල යන මහත්වරු මෙන්ම කළමනාකාරිත්ව සාමාජිකයන්, කාර්ය මණ්ඩලය, ගනුදෙනුකරුවන් සහ ආරාධිතයෝ රැසක් සහභාගී වූහ. ගලගෙදර ශාඛාව උත්සවාකාරයෙන් විවෘත කරන ලද්දේ LOLC ෆිනෑන්ස් පීඑල්සී හි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහ පුද්ගලික මූල්‍ය අංශයේ ප්‍රධානී චරිත් ජාගොඩ සහ LOLC  ෆිනෑන්ස් පීඑල්සී හි රන් ණය අංශයේ ප්‍රධානී නිශාන්ත ජයසේකර යන මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තන්, ගනුදෙනුකරුවන් සහ ප්‍රදේශයේ ජන ප්‍රජාවේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙනි.

 



අදහස් (0)

මීරිගම සහ ගලගෙදර නව ශාඛා සමගින් LOLC ෆිනෑන්ස් ව්‍යාප්තිය තවත් පුළුල් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site