මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් (MI Finance) සමාගම, දෙවැනි කාර්තුවේ කැපීපෙනෙන ලාබ වර්ධනයක් සමගින් සමස්ත වත්කම් රුපියල් බිලියන 100 ඉක්මවා යාමට සමත්ව තිබේ. මෙම කාර්ය සාධනයත් සමග එම සමාගම මෙරට ප්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය ආයතනයක් ලෙස සිය ස්ථානය තහවුරු කරගෙන ඇත. වසර 60 ක් පුරා එම සමාගම මධ්‍යම ප්‍රමාණයේ ආයතනයක සිට වෙළෙඳපොළේ ප්‍රමුඛ ආයතනයක් දක්වා ආ ගමන්මග මෙම මූල්‍ය වාර්තා මගින් මැනවින් පිළිබිඹු කෙරේ.
මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස්හි ශක්තිමත් අර්ධ වාර්ෂික කාර්යසාධනයක්