IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් 80 වැනි ශාඛාව නුවරඑළියේ

ශ්‍රී ලංකාවේ මූල්‍ය උපදේශනය සහ මූල්‍ය සේවා පුළුල් කිරීමේ අඛණ්ඩ උත්සහයේ තවත් එක් පියවරක් ලෙස මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම විසින් සිය 80 වැනි ශාඛාව පසුගියදා නුවරඑළියේදී විවෘත කරන ලදී.  මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් නුවරඑළිය ශාඛාව විවෘත කිරීම ආයතනයට ඉතාමත් වැදගත් සංධිස්ථානයක් වනුයේ, මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් හි අනුබද්ධ සමාගමක් වන නුවරඑළියේ පිහිටා ඇති, සුප්‍රසිද්ධ ග්‍රෑන්ඞ් හෝටලය නිසාවෙනි.
 මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ ජෙරාඞ් ඔන්ඩාට්ජි, මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලක්සඳ ගුණවර්ධන යන මහත්වරු සහ කළමනාකරණ කණ්ඩායමේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් මෙම විවෘත කිරීමේ අවස්ථාව සමඟ එකතු වී සිටි අතර ප්‍රදේශයේ ගනුදෙනුකරුවන් කිහිප දෙනකු මෙන්ම  සම්භාවනීය අමුත්තන් රැසක් ද මෙම විවෘත කිරීමේ අවස්ථාවට  සහභාගී වූහ. මෙම අවස්ථාව සමග Grand Hotel හි නිලධාරීන් රාශියක් ද එකතු වී සිටි අතර ආයතන ද්විත්වය අතර සහයෝගීතාව එමගින් මැනවින් ඉස්මතු කළේය. ප්‍රදේශවාසීන් මෙන්ම ව්‍යාපාර ප්‍රජාවේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා  ලීසිං, රන් ණය, ස්ථාවර තැන්පතු සහ ළමා ඉතිරිකිරීම් ඇතුළු විශ්වාසනීය මූල්‍ය සේවා රැසක් මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් හි නුවරඑළිය ශාඛාව ඔස්සේද පිරිනමා තිබේ.



අදහස් (0)

මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් 80 වැනි ශාඛාව නුවරඑළියේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site