IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


මයික්‍රෝ ඉලෙක්ට්‍රික් ඉන්ටර්නැෂනල් සමාගමට ජනාධිපති පරිසර සම්මානයක්

 

මෙම වසරේ ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ලෝහමය ෆෙරස් නොවන/ යන්ත්‍රෝපකරණ/ ඉලෙක්ට්‍රොනික/ විදුලි භාණ්ඩ සහ උපකරණ ආශ්‍රිත කර්මාන්තය සඳහා වන ඒ සහ බී කාණ්ඩයේ ලෝකඩ සම්මානය මයික්‍රෝ ඉලෙක්ට්‍රික් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම හිමිකර ගත්තේය.
පාරිසරික තිරසරභාවය වෙනුවෙන් දැක්වූ විශිෂ්ට දායකත්වය සඳහා මයික්‍රෝ ඉලෙක්ට්‍රික් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගමට මෙම සම්මානය හිමිව තිබූ අතර, පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල මහතා විසින් මයික්‍රෝ ඉලෙක්ට්‍රික් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගමේ සභාපති ධම්මික සමරවික්‍රම මහතාට පිරිනමා තිබිණි.
ජනාධිපති පරිසර සම්මාන උළෙල පසුගිය 23 වැනිද කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.



අදහස් (0)

මයික්‍රෝ ඉලෙක්ට්‍රික් ඉන්ටර්නැෂනල් සමාගමට ජනාධිපති පරිසර සම්මානයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site