IMG-LOGO

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා


මැයි දින 18 කදී සංචාරකයෝ 80,421 ක්

විමුක්ති එස්. රුද්‍රිගු


මෙම මස පළමු දින 18 තුළදී සංචාරකයන් 80,421 ක් මෙරටට පැමිණ ඇති බවත්, ඒ අනුව මෙම වසරේ ජනවාරි 1 වැනිදා සිට පසුගිය 18 වැනිදා දක්වා මෙරටට සංචාරකයන් 977,305 ක් පැමිණ ඇති බවත් සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.
මේ දක්වා මෙරටට වැඩියෙන්ම සංචාරකයන් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් බවත්, ඉන්දියාවෙන් මෙරටට සංචාරකයන් 184,095 ක් පැමිණ ඇති බවත් එම දත්ත වාර්තාවල දැක්වේ. දෙවැනි සහ තෙවැනි ස්ථානවලට මෙරටට වැඩියෙන්ම සංචාරකයන් පැමිණ ඇත්තේ රුසියාවෙන් සහ බ්‍රිතාන්‍යයෙන් බවත්, එම රටවලින් පිළිවෙළින් සංචාරකයන් 109,675 ක් සහ 92,539 ක් මෙරටට පැමිණ ඇති බවත් එම දත්ත වාර්තා පෙන්වා දෙයි.



අදහස් (0)

මැයි දින 18 කදී සංචාරකයෝ 80,421 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site