IMG-LOGO

2026 අගෝස්තු මස 19 වන බදාදා


මොබිටෙල් සම්මාන පිදෙයි

ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය සිය අලෙවි ප‍්‍රජාව වෙනුවෙන් ව්‍යාපාර සහකරුවන් සඳහා වන සම්මාන සමුළුව පසුගියදා පැවැත්වීය. මොබිටෙල් ආයතනය වෙනුවෙන් ඉහල අන්දමේ දායකත්වය ලබාදුන් ව්‍යාපාර සහකරුවන් විශාල පිරිසක් ඇගැයීමට පාත‍්‍රවිය. ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරි ලලිත්ද සිල්වා මහතා ඇතුළු මොබිටෙල් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධරයෝ ඊට සහභාගි වූහ. මොබිටෙල් ආයතනය  මුහුණ දුන් අභියෝග සහ  වෙනස්වීම් හමුවේ සමාගම සමඟ රැදෙමින් එහි උන්නතිය වෙනුවෙන් කි‍්‍රයා  කළ අලෙවි නියෝජිත පිරිස් හඳුනාගැනීමත් ඔවුන්ට සම්මාන පුද කිරීමත් මෙම සම්මාන උළෙලේ එක් අංගයක්  විය. පෙර ගෙවුම් පසු ගෙවුම්, බ්‍රෝඞ් බෑන්ඞ්, යන  මොබිටෙල් සේවාවන් අලෙවිය උදෙසා  ලැබුණු දායකත්වය මෙන්ම ආදායම් උපයාගැනීම් දායකත්වය සැපැයිම මත මෙම සම්මාන පිරිනැමිනි.



අදහස් (0)

මොබිටෙල් සම්මාන පිදෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site