IMG-LOGO

2026 මැයි මස 21 වන බ්‍රහස්පතින්දා


මධ්‍යම පළාතේ ක්ෂුද්‍ර හා කුඩා ව්‍යවසායකයන්ට ඉන්දියාවේදී පුහුණුවක්




කුණ්ඩසාලේ පී.එම්. රාජපක්ෂ


මධ්‍යම පළාතේ ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යවසායකයන් ජාත්‍යන්තර අත්දැකීම් සදහා යොමුකිරීමේ වැඩසටහනක් යටතේ ඉන්දියාවේ නොයිඩා (Noida) හි නොමිලේ පැවැත්වෙන දෙසතියක පුහුණුවක් ලබාදීමට පියවර ගෙන තිබුණි.

මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශය සහ කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව එක්ව මහනුවර ඉන්දියානු සහකාර මහ කොමසාරිස් කාර්යාලයේ සම්බන්ධීකරණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයී.

මෙම වැඩසටහන යටතේ මධ්‍යම පළාතේ ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යවසායකයන් හා නිලධාරීන් ඇතුළුව 25 පිරිසක් ඉන්දියානු රජයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ අනුග්‍රහය යටතේ ඉන්දියාවේ නොයිඩා (Noida) හි ව්‍යවසායකත්ව හා කුඩා ව්‍යාපාර සංවර්ධනය සඳහා වූ ජාතික ආයතනයේදී (NIESBUD) දින 14 ක සම්පූර්ණ නොමිලේ පැවැත්වෙන පුහුණුවක් ලබාදීම සිදු කෙරේ.

 මෙම පුහුණු අවස්ථාවට සහභාගීවීමට අදාළ ලිපි හා ගුවන් ගමන් ටිකට්පත් ලබාදීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර, ආණ්ඩුකාර කාර්යාලයේදී පසුගිය දා සිදුකෙරිණි.



අදහස් (0)

මධ්‍යම පළාතේ ක්ෂුද්‍ර හා කුඩා ව්‍යවසායකයන්ට ඉන්දියාවේදී පුහුණුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site