IMG-LOGO

2026 ජුලි මස 17 වන සිකුරාදා


මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩීමට 2026-2030 ට ජාතික ප්‍රතිපත්තියක්


නිමල කොඩිතුවක්කු 


2026 - 2030 සඳහා මුදල් විශුද්ධිකරණය වැළැක්වීම, ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සහ සමූල ඝාතක අවි සංගුණනය සඳහා මුල්‍යනය මැඩපැවැත්වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ සමූල ඝාතක අවි සංගුණනය සඳහා මූල්‍යනය වැනි මූල්‍ය අපරාධ මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ ගෝලීය මූල්‍ය පද්ධතියට දැඩි තර්ජන එල්ල වී තිබේ. ශීඝ්‍ර තාක්ෂණික දියුණුවත් සමග මූල්‍ය ගනුදෙනු වඩාත් සංකීර්ණ වී ඇති අතර, අපරාධකරුවන් අපරාධවලින් උත්පාදිත දෑ සැඟවීමට භාවිත කරනු ලබන ක්‍රම හඳුනා ගැනීම සහ ඒවා අවහිර කිරීම අභියෝගාත්මක කටයුත්තක් බවට පත් වී ඇත. 

එබැවින්, මූල්‍ය අපරාධ සම්බන්ධව කටයුතු කරනු ලබන අන්තර් - රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදන ආයතනයක් වන, මූල්‍ය කාර්ය සාධක බලකාය (Financial Action Task Force) විසින් නියම කර ඇති ප‍්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය අපරාධ පිළිබඳ ශ්‍රී ලංකාවේ තුන්වැනි ජාතික අවදානම ඇගයීම 2024/25 කාල පරිච්ඡේදය තුළ සිදු කරනු ලැබ තිබේ. එම ජාතික අවදානම ඇගයීමේදී හඳුනාගනු ලැබ ඇති අවදානම් කළමනාකරණය කිරීම පිණිස “මුදල් විශුද්ධිකරණය වැළැක්වීම, ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සහ සමූල ඝාතක අවි සංගුණනය සඳහා මූල්‍යනය මැඩපැවැත්වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්තිය 2026 - 2030”‍ සකස් කරනු ලැබ ඇත. ඒ අනුව, එකී ජාතික ප්‍රතිපත්තිය 2026 - 2030 කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩීමට 2026-2030 ට ජාතික ප්‍රතිපත්තියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site