IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


මුදල් ප්‍රතිපත්තිය වෙනස් නොවේ


විමුක්ති එස් රුද්‍රිගු


පවතින එක් දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ඒ ආකාරයෙන්ම නොවෙනස්ව පවත්වාගෙන යාමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය පෙරේදා (22) රැස්වූ අවස්ථාවේදී තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (23) ප්‍රකාශ කළේය.

ඒ අනුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 7.75 සීමාවේ නොවෙනස්ව පවතිනු ඇත.

දේශීය හා ගෝලීය වර්ධනයන් පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කිරීමෙන් පසුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹි බව මහ බැංකුව සඳහන් කළේය. වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ඉලක්කගත සීයට 5 උද්ධමන සීමාවේ පවත්වාගෙන යමින් රටේ ආර්ථික වර්ධනයට සහාය වීමට ප්‍රමාණවත් බව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය වූ බව මහ බැංකුව සඳහන් කළේය.

අපේක්ෂා කළ පරිදි, කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ මෑත කාලීන වෙනස්වීම් මගින් තවදුරටත් අවධමන තත්වයේ ලිහිල්වීමක් පිළිබිඹු කෙරිණි. ඒ අනුව මෙම කාර්තුවේදී මෙරට උද්ධමනය ධන අගයක් කරා ළඟාවනු ඇති බවත් ඉන් පසුව ක්‍රමයෙන් සියයට 5ක ඉලක්කගත සීමාව කරා ළඟා වනු ඇති බවත් මහ බැංකුව ප්‍රකාශ කළේය. 



අදහස් (0)

මුදල් ප්‍රතිපත්තිය වෙනස් නොවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site