IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


මෙදා පාර වෙනදට වඩා බිස්නස් අඩුයි


ඕලන්ද යුගයේ දී ‘අවුද් ස්ටාද්’ යනුවෙන් හැඳින්වූ පෙදෙස බ්‍රිතාන්‍ය යුගයේ දී Pettah නමින් හැඳින්විණි. කොළඹ නගරයේ කාර්යබහුලම තැන පිටකොටුව බව අමුතුවෙන් කිවයුතු නැත. පිටකොටුව වෙළෙඳ නගරයට දහවල් කාලයේ පිවිසෙන ඔබට එහි ඇවිදයාමට සිදු වන්නේ දැඩි අපහසුවකිනි. 

එයට හේතුවන්නේ වීදී පුරා පිරී ඉතිරී යන සෙනග හේතුවෙනි. පිටකොටුවේ එළිමහන් කඩසාප්පු සහ වෙළෙඳපොළ මාලාවකි. ලංකාවේ පමණක් නොව ලෝකයේ කොහේවත් නැති අඩු ගාණට නිවසකට සරිලන ඕනෑම භාණ්ඩයක් කොටුවෙන් ලබාගත හැකිය යන්න බොහෝ දෙනාගේ අදහසයි. 

බොහෝ භාණ්ඩ ඉතා අඩු මිල ගණන් යටතේ පිටකොටුවෙන් ලබා ගත හැකිය. මේ ගෙවී යන්නේ නත්තල් සමයයි. නත්තල යනු පිටකොටුවෙ වෙළෙඳාම් කරන්නන්ගේ බිස්නස් සරු කාලයයි. මේ දිනවල වෙළෙඳාමේ තතු දැනගැනීමට අපි ප්‍රින්ස් වීදියට ගියෙමු. 

එහිදී පාවහන් අමුද්‍රව්‍ය අලෙවිසලක් වූ ඔන්ලයින් සිටි හි හිමිකරු වූ මොහොමඩ් ෆර්හාන් අමීර්ඩීන් මහතා බිස්නස් සමබන්ධයෙන් දැක්වූයේ මෙවැනි අදහසකි. 

Q මේ දිනවල බිස්නස් කොහොමද?

නත්තල් කියන්නේ අපේ සීසන් එක. සාමාන්‍යයෙන් නත්තල්වලට අපිට හොඳට බිස්නස් තියනවා. මොකද නව වසරත් එන නිසා ගොඩක් අය අලු‍ත් සෙරප්පු සපත්තු ගන්නවා. ඒ නිසා පාවහන් නිෂ්පාදකයෝ වැඩි වශයෙන් නිෂ්පාදනය කරනවා. ඒ නිසා අපෙන් අමුද්‍රව්‍ය මිලදී ගන්නවා අනිත් දවස් වලට වඩා. එහෙත් මෙදා පාර වෙනදට වඩා බිස්නස් අඩුයි.

Q බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද? 

මම මේ බිස්නස් එක කරන්නේ අවුරුදු 20 ක ඉඳන්. ගිය අවුරුදුවලට වඩා බිස්නස් අඩු වෙන්න බලපාපු ප්‍රධාන හේතුව තමයි පසුගිය දිනවල රටේ තිබ්බ ආපදා තත්වය. ආපදා තත්වය අඩු වුණත් තාම රට යථා තත්වයට පත්වෙලා නෑ. ගොඩක් සිල්ලර වෙළෙඳන්ගේ වෙළෙඳපොළවල් ගංවතුරට නායයෑම්වලට විනාශ වුණා. ඔය හේතුත් එක්ක දැන් රටේ බහුතරයකගේ බිස්නස් කඩා වැටිලා. ඒ නිසා අපිටත් බිස්නස් අඩුයි. ඉස්සරහට රට යථා තත්වයට පත් වුණාට පස්සේ ආයෙත් බිස්නස් වැඩිවෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

ශෂිකා අබේරත්න


ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (0)

මෙදා පාර වෙනදට වඩා බිස්නස් අඩුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site