IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


මේ වසරේදීත් BOC වැඩි අවධානය ලීසිං ව්‍යාපාරයට

භානුක අමරසිංහ 


ලංකා බැංකුව මෙම වසරේදීද සිය ලීසිං ව්‍යාපාරික මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීම සඳහා අවධානය යොමු කරන බව එහි වැඩබලන සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන විධායක නිලධාරී වයි.ඒ. ජයතිලක මහතා පවසයි. 
මෙරට ප්‍රමුඛතම මෝටර් රථ අලෙවි සමාගමක් වන ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමගින් “අත්වැල” නමින් ක්‍රියාත්මක ලීසිං පහසුකම් සඳහා වන අවබෝධතා ගිවිසුමකට අත්සන් තබමින් ඒ මහතා පසුගියදා මේ බව සඳහන් කළේය. 
“අද වනවිට ලංකා බැංකුව සමස්ත වත්කම් අතින් වගේම ණය කළඹ අතිනුත් ලංකාවේ විශාලතම බැංකුවයි. ණය කළඹ අතින් ගත්තහම ලංකා බැංකුව තමයි විශාලතම ආනයන අපනයන පහසුකම් සපයන්නා වෙන්නේ. ඒ වගේම 2025 වසරේ මෝටර් රථ ආනයන සීමා ලිහිල් කිරීමත් සමගින්ම අපි වැඩි වශයෙන් ලීසිං ව්‍යාපාරය වෙත පෙරට වඩා වැඩි අවධානයක් යොමු කළා. 2026 වසරේදීද අපි මෙම ලීසිං ව්‍යාපාරික මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරනවා.” යනුවෙන් ඒ මහතා පවසා සිටියේය.



අදහස් (0)

මේ වසරේදීත් BOC වැඩි අවධානය ලීසිං ව්‍යාපාරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site