IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මේ වසරේ වී නිෂ්පාදනයේ සියයට 6.6 ක වර්ධන අපේක්ෂාවක්

භානුක අමරසිංහ 


මෙම වසරේදී මෙරට යල සහ මහ කන්න දෙකෙහිම සමස්ත වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 5.01ක් වනු ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පුරෝකථනය කර සිටියි. ඒ අනුව මෙය 2024 වසරේ වාර්තා කළ මෙට්‍රික් ටොන් මිලියන 4.70ක සමස්ත වී නිෂ්පාදනය හා සැසඳීමේදී සියයට 6.6ක වර්ධනයක් වනු ඇතැයි අදහස වී තිබේ. 
මහ බැංකුව මගින් නිකුත් කළ ඔක්තෝබර් මාසය සඳහා වන කෘෂිකාර්මික දත්ත විවරිණිකාව තුළ මේ බව සටහන්ව තිබේ. 
එහිදී මහ කන්නයේ මෙට්‍රික් ටොන් 2.74ක වී නිෂ්පාදනයක්ද, යල කන්නයේදී සියයට 2.27ක වි නිෂ්පාදනයක්ද බලාපොරොත්තුවයි. 
විශේෂයෙන්ම සැප්තැම්බර් මාසය වනවිට වාර්තා වන යල කන්නය සඳහා වී වපුරා තිබෙන ප්‍රදේශය අනුව වසර අවසන් වනවිට එම නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 2.27ක් වනු ඇතැයි ගණන් බලා තිබේ. එය පෙර වසරේ යල කන්නයේ වාර්තා වූ වී මෙට්‍රික් ටොන් 1.98ට සාපේක්ෂව සියයට 14.6ක වර්ධනයකි. එසේම මේ වසරේ මහ කන්නයේ වී නිෂ්පාදනය වන මෙට්‍රික් ටොන් මිලියන 2.74 පෙර වසරේ වාර්තා කළ මෙට්‍රික් ටොන් 2.72ට සාපේක්ෂව සියයට 0.9ක වර්ධනයකි.

 



අදහස් (0)

මේ වසරේ වී නිෂ්පාදනයේ සියයට 6.6 ක වර්ධන අපේක්ෂාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site