IMG-LOGO

2025 ජුලි මස 28 වන සඳුදා


මේ වසරේ බිස්නස් හොඳයි

වැල්ලම්පිටිය  IMO  වෙළෙඳ ආයතනයේ හිමිකරු මොහොමඩ් අසාද්

මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට ගිය ගමනේ දී වැල්ලම්පිටිය වෙළෙඳ නගරයේ රෙදිපිළි ව්‍යාපාර කටයුතුවල නිරතවන  IMO  වෙළෙඳ ආයතනයට ගොඩවැදුනු අවස්ථාවේ එම වෙළෙඳ ආයතනයේ හිමිකරුවන මොහොමඩ් අසාද් මහතා දැක්වූයේ මෙවන් අදහසකි.


Q මේ දවස්වල බිස්නස් කොහොමද?


කාලයක් බිස්නස්වල කඩාවැටීමක් වෙලා තිබුණේ. දැන් දැන් නැවත බිස්නස් එකක් හැදෙනවා. ගිය වසරට සාපේක්ෂව ගත්තහම මේ වසරේ බිස්නස් හොඳයි. 


Q බිස්නස් මේ තත්වයට පත්වීමට බලපෑ හේතු මොනවාද?


මම වසර පහක කාලයක ඉඳන් මෙම ව්‍යාපාරය කරගෙන යන්නේ. ආනයනික රෙදිපිළි සහ දේශීය රෙදිපිළි තමයි අපි බිස්නස් කරන්නේ.  වෙළෙඳ සහයකයන් කීප දෙනෙක් සම්බන්ධ කරගෙන මෙම ව්‍යාපාර කටයුතු කරගෙන යනවා.  
මේ වසරේ අවුරුදු සීසන් එකෙත් හොඳ බිස්නස් එකක් තිබුණා. හජ්ජිවලටත් පාරිභෝගිකයෝ අඩුවක් නැතිව ආවා. කලින් එක ඇඳුමක් ගත්තු අය මේ වසරේ ඇවිත් ඇඳුම් දෙක තුනක් මිලදී ගන්නවා. පසුගිය වසරවලට සාපේක්ෂව ගත්තහම මේ වසරේ ඇඳුම් මිලේ අඩුවීමක් වෙලා තියෙන්නේ. කඩා වැටුණු ව්‍යාපාර ඉදිරියේ දී වර්ධනය වෙයි කියන බලාපොරොත්තුවක් අපිට තියෙනවා.

මනීෂා වීරසිංහ
ඡායාරූපය : සුමුදු හේවාපතිරණ

 



අදහස් (1)

මේ වසරේ බිස්නස් හොඳයි

Hunaiz Monday, 23 June 2025 10:33 PM

මොහු ඉතා හොඳ ව්‍යාපාරිකයෙක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site