IMG-LOGO

2026 ජුනි මස 03 වන බදාදා


මී මැසි පාලනය පිළිබඳව පාසල් ළමයින්ට දැනුම

කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත සහ බලපිටිය එස්.ඒ.වයි.ද සිල්වා


මී මැසි පාලනය දකුණු ලකේ ව්‍යාප්ත කිරීමේ අරමුණින් මී මැසි පාලනය පිළිබඳව පාසල් ළමයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් කොස්ගොඩ හෑගල්ලේදී පැවැත්විණ.
දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සංවිධානය කළ මේ වැඩසටහනට දකුණු පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂිකා අනූෂා පලිහවඩන,නියෝජ්‍ය අධ්‍යක්ෂ දුල්රාජ් සිරිවර්ධන යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
මැයි මස 20 දිනට යෙදුණු ලෝක මී මැසි දිනය වෙනුවෙන් කොස්ගොඩ හෑගල්ලේ ඉතා සාර්ථකව පවත්වාගෙන යන මී මැසි පාලනයක් ආශ්‍රිතව පැවති මේ වැඩසටහනට පාසල් සිසු, සිසුවියන් විශාල පිරිසක් සහභාගීවී සිටියහ.
ලෝක මී මැසි දිනය නිමිත්තෙන් ගාලු‍ දිසාවේ ක්‍රියාත්මක කළ ප්‍රධාන වැඩසටහන මේ වැඩසටහන බව දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය කීවේය.
මෙහිදී පාසල් සිසුන්ට මී මැසි පාලනය ආරම්භ කිරීමට උපදෙස් ලබාදීම හා එමගින් ස්වයං රැකියාවක් දක්වාම එය වර්ධනය කර ගත හැකි ආකාරයද පැහැදිලි කෙරිණ.



අදහස් (0)

මී මැසි පාලනය පිළිබඳව පාසල් ළමයින්ට දැනුම

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site