බිස්නස් අඩු වීමට බලපාන හේතු කීපයක්ම තියනවා. එකක් තමයි මිනිස්සු ළඟ සල්ලි නෑ. මේ තියන ආර්ථික තත්වයත් එක්ක හැම දෙයක්ම මිල වැඩියි. හාල් පොල් ගත්තත් කොච්චර ගණන්ද?
දෙහිවල
කර්ටන් ෆැෂන්
හිමිකරු
එන්. ශිවකුමාර්
දෙහිවල කී සැනින් කාටත් මතකයට නැගෙන්නේ දෙහිවල ජාතික සත්වෝද්‍යානයයි. එහෙත් අප දෙහිවල බලා ගමන් කළේ මේ දිනවල බිස්නස්වල තත්වය සොයා බැලීම සඳහාය. තිර රෙදි, ඇඳ ඇතිරිලි වෙළෙඳසලක් වූ කර්ටන් ෆැෂන් වෙතය. එම වෙළෙඳ ආයතනයේ හිමිකරු වූ එන්. ශිවකුමාර් මහතා මේ දිනවල බිස්නස් පිළිබඳව දැක්වූයේ මෙවැනි අදහසකි.
Q මේ දිනවල බිස්නස් කොහොමද?
මම අවුරුදු 15 ක වගේ ඉඳන් දෙහිවල බිස්නස් කරන්නේ. සේවකයෝ 8 දෙනෙක් සේවය කරනවා. මේ දවස්වල බිස්නස් ගැන කියනවා නම් බිස්නස් අඩුයි. ගිය අවුරුද්දේ මේ අවුරුද්ද්ට වඩා බිස්නස් තිබ්බා. අලුත් අවුරුද්දක් එද්දි ගොඩක් අය ගෙවල්වලට අලුතින් තිර රෙදි දානවා. ඒ නිසා ඒ කාලෙට අපිට බිස්නස් තියනවා. එහෙත් මේ අවුරුද්දේ අපිට අප්‍රේල් මාසේත් බිස්නස් අඩුයි.
Q බිස්නස් අඩුවීමට බල පෑ හේතු මොනවාද?
බිස්නස් අඩු වීමට බලපාන හේතු කීපයක්ම තියනවා. එකක් තමයි මිනිස්සු ළඟ සල්ලි නෑ. මේ තියන ආර්ථික තත්වයත් එක්ක හැම දෙයක්ම මිල වැඩියි. හාල් පොල් ගත්තත් කොච්චර ගණන්ද. මිනිසුන්ට කන්න බොන්න ඕන කරන දේවල්වලට වියදම් කරද්දි කර්ටන් දාන්න වගේ අමතර දේවල්වලට වියදම් කරන්න සල්ලි නෑ. ගෙදරක උත්සවයක් වගේ විශේෂම දෙයක් තිබ්බොත් තමයි දැන් ගෙදරකට කර්ටන් දාන්නේ. නැත්තම් මිනිස්සු මූලික අවශ්‍යතාවලට තමයි මුල් තැන දෙන්නේ.
තවත් හේතුවක් තමයි ඉස්සර වගේ නෙමෙයි දැන් හැම නගරයකම වගේ කර්ටන් කඩ තියනවා. මිනිස්සුන්ට තෝර ගැනීමේ අවස්ථාව වැඩි වෙලා තියෙන්නේ. දෙහිවල ගත්තත් කර්ටන් කඩ කීපයක්ම තියනවා. මිනිස්සු හැම තැනටම ගිහිල්ලා ගණන් අහලා බලලා අඩුම තැනින් තමයි ගන්නේ. ඒකත් එක හේතුවක් බිස්නස් අඩු වෙන්න. ඔයවගේ හේතු නිසා මේ දවස්වල අපිට බිස්නස් අඩුයි.
ශෂිකා අබේරත්න
ඡායාරූප - ඉසුරු පෙරේරා
මේ දවස්වල නම් බිස්නස් අඩුයි