IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


මේ දක්වා සංචාරකයෝ ලක්ෂ 18කට වඩා ඇවිත්

  • වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. එම සංඛ්‍යව 396274 ක්

දිනේෂ් සමරකෝන්

මෙම වසරේ ජනවාරි මස සිට ඔක්තෝබර් මාසය දක්වා කාලයේදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 18 ඉක්මවා ගොස් ඇත.

ඒ අනුව ජනවාරි මස 01 වැනිදා සිට ඔක්තෝබර් මස 15 වැනිදා දක්වා සංචාරකයන් 1,801,151ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

එලෙස පැමිණි සංචාරකයන් අතරින් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර, එම සංඛ්‍යව 396274 කි.

එක්සත් රාජධානියෙන් සංචාරකයන් 167,886ක්, රුසියානු සංචාරකයන් 125,950ක්, ජර්මනියෙන් සංචාරකයන් 111,677ක්, චීනයෙන් 108,040 ක් ආදී වශයෙන් එම කාලයේ සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ තිබේ. 

මීට අමතරව ප්‍රංශයෙන් 90250 ක් ඔස්ට්‍රේලියාවෙන් 81,046 ක් නෙදර්ලන්තයෙන් 53,922 ක් ඇමරිකාවෙන් 50,027 ක් බංග්ලාදේශයෙන් 48,419 ක් ඉතාලියෙන් 39,932 ක් කැනඩාවෙන් 37,606 ස්පාඤ්ඥයෙන් 36,430 ක් වශයෙන් සංචාරකයන් මෙරටට පැමිණ ඇත. තවද පෝලන්තයෙන් 36,389 ක් ජපානයෙන් 29,913 ක්, මාලදිවයිනෙන් 29,560 ක් ස්විස්ටර්ලන්තයෙන් 25,861 ක් ඊශ්‍රායලයෙන් 18,927 ක්, පාකිස්තානයෙන් 18,208 ක් සහ මැලේසියාවෙන් 18,108 ක් ආදී වශයෙන් සංචාරකයන් මෙරටට පැමිණ තිබේ.

එමෙන්ම අනෙකුත් රටවල් වලින් සංචාරකයන් 276,726ක්ද පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියයි.

 



අදහස් (0)

මේ දක්වා සංචාරකයෝ ලක්ෂ 18කට වඩා ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site