IMG-LOGO

2026 පෙබරවාරි මස 04 වන බදාදා


භූතානය සහ ශ්‍රී ලංකාව අතර විශේෂිත ඍජු ගුවන් ගමන් ඇරඹීමට යයි

භූතානය සහ ශ්‍රී ලංකාව අතර පළමුවරට විශේෂිත ඍජු ගුවන් ගමන් ආරම්භය සනිටුහන් කිරීමේ අවස්ථාවක් පසුගියදා පැවැත්වුණි. භූතානයේ ජාතික ගුවන් සේවය වන රාජකීය භූතාන් ගුවන් සේවය (Drukair) සහ එරට Routes by Jorneys යන ආයතන එක්ව මෙම ගුවන් ගමන ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
 මේ යටතේ පළමු ගුවන් ගමන ලබන දෙසැමබර් 19 වැනිදා භූතානයේ පාරෝ සිට කොළඹ දක්වා සිදු කිරීමට නියමිතව තිබේ. එසේම කොළඹ සිට පාරෝ දක්වා පළමු ඍජු ගුවන් ගමන දෙසැම්බර් 20 වැනිදා සිදු වෙයි. 
මෙය දෙරට අතර සංස්කෘතික සංචරණය සහ සංචාරක කර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් නව අවස්ථා විවෘත කරන ම ඓතිහාසික අවස්ථාවක් බවට පත් වනු ඇතැයි Drukair ගුවන් සමාගමේ අදහස වී තිබේ.



අදහස් (0)

භූතානය සහ ශ්‍රී ලංකාව අතර විශේෂිත ඍජු ගුවන් ගමන් ඇරඹීමට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site