IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


බිස්නස්වල විශාල වැඩිවීමක් නෑ - කඩුවෙල සුමෝටා එන්ටර්ප්‍රයිසස් හිමිකරු සුනිල් පෙරේරා

මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබඳව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල, වැල්ලම්පිටිය, කොලොන්නාව, බොරැල්ල, දෙමටගොඩ, කිරිබත්ගොඩ ආදී ප්‍රදේශ වල ඇඳුම්, පාවහන්, තිර රෙදි, ප්ලාස්ටික් බඩු, පාසල් උපකරණ, ගෘහ උපකරණ ආදී එකී මෙකී නොකී භාණ්ඩ අලෙවිසල් වෙත ගියෙමු. බිස්නස්වල තතු සෙවීමට අප මෙවර ළඟා වූයේ කඩුවෙල වාහන අමතර කොටස් අලෙවිසලක් වූ සුමෝටා එන්ටර්ප්‍රයිසස් වෙතය. එහි හිමිකරු වූ සුනිල් පෙරේරා මහතා මේ දිනවල බිස්නස් පිළිබඳව දැක්වූයේ මෙවැනි අදහසකි.

Q මේ දිනවල බිස්නස් කොහොමද?

වාහන අමතර කොටස් තමයි අපි අලෙවි කරන්නේ. මේ බිස්නස් එක පටන් අරන් දැනට අවුරුදු 35ක් වෙනවා. අපි වාහන අමතර උපාංග ලංකාවේ වෙළෙඳපොළෙන් තොග වශයෙන් අරගෙන විකිණීම සිදු කරන්නේ. මේ දිනවල බිස්නස් ගැන කතා කරනවා නම් බිස්නස්වල විශාල වැඩිවීමක් නැති වුණත් බිස්නස් අඩුවක් නෑ සාමාන්‍ය විදියට කෙරීගෙන යනවා.

බිස්නස් මේ තත්වයට පත්වීමට බලපෑ හේතු මොනවාද?

බිස්නස් අඩු වීමක් නැතුව සාමාන්‍ය විදියට කෙරීගෙන යන්න බලපාන ප්‍රධාන හේතුව තමයි වාහන අමතර කොටස් මිල ගණන් මිල අඩු වීම. පසුගිය සමයේ වාහන අමතර කොටස් මිල ඉතා ඉහළ මට්ටමක තිබුණා. ඒකට හේතුව වුණේ වාහන ගෙන්වීම නතර කර තිබීම හේතුවෙන් වාහන විකිණීම අඩු තත්වයක පැවතීම. 

එහෙත් නැවත වාහන ආනයනයත් සමග මෙරට භාවිත කළ පරණ වාහන විකිණීම නැවත ආරම්භ කළා. වාහන විකිණීමේදී නැවත අලු‍ත්වැඩියා කටයුතු සිදු කරන නිසා වාහන අමතර කොටස්වලට පවතින ඉල්ලු‍ම වැඩි වුණා. ඕක තමයි ප්‍රධන වශයෙන්ම අපේ බිස්නස් සාමාන්‍ය පරිදි පාඩු නොලබා පවත්වාගෙන යාමට පවතින හේතුව.

ශෂිකා අබේරත්න
ඡායාරූප-ළහිරු හර්ෂණ



අදහස් (0)

බිස්නස්වල විශාල වැඩිවීමක් නෑ - කඩුවෙල සුමෝටා එන්ටර්ප්‍රයිසස් හිමිකරු සුනිල් පෙරේරා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site