 මල්වත්ත පාර යනු පිටකොටුවේ වීදිවලින් එක්තරා ආරම්භයක් සනිටුහන් කරන වීදීයකි. සමහරු සිතන්නේ පිටකොටුවෙන් මල් මිලදී ගත හැක්කේ මල් වත්ත පාරෙන් කියාය. අද මල් නැතත් එදා මල්වත්තකින් මල්වත්ත පාර සුන්දර විය. ඉංග්‍රීසින් රට පාලනය කරන සමයෙහි අලංකාර මල්ගොමුවලින් පිරි ප්‍රභූ නිවාස සංකීර්ණයවලින් සමන්විතව තිබූ මේ මල්වත්ත පාරේ එදා තිබුණා යැයි කියූ කිසිදු සාක්ෂියක් අද දක්නට නැත. වර්තමානය වන විට මල්වත්ත පාරේ ඇස ගැටෙන සුලබ දසුන වන්නේ නොයෙක් වර්ගයේ පාසල් බෑග්, ට්‍රැවලින් බෑග්, විවිධ වර්ගයේ සපත්තු හා නානා මාදිලියේ ඔරලෝසු වෙළෙඳසල්ය. මේ ද්‍රව්‍යවලට මල්වත්ත පාර අද වෙන් වී ඇතත් කාලයක්ම පරපුරක් නැළවූ කැසට් පටයට ද මේ වීදිය නම් දැරූ වීදියකි. කලක් මේ වීදිය ගීත රසිකයන්ගේ කැසට් වීදිය විය. මේ දිනවල බිස්නස්වල තතු සෙවීමට අප ළඟා වූයේ මල්වත්ත පාරේ පිහිටි රිචඩ් ස්ටෝර්ස් වෙතය. එහි හිමිකරු වූ පී. ජී. රත්නසිරි මහතා අප හා අදහස් බෙදා ගත්තේ මෙලෙසිනි.

මේ දිනවල බිස්නස් කොහොමද?
අපි විකුණන්නේ බෑග්. අපි ළඟ පාසල් බෑග්, කාන්තා බෑග් ආදී වූ සියලුම වර්ගවල බෑග් තියනවා. 1956 ඉඳන් තමයි පිටකොටුවේ මල්වත්ත පාරේ අපි බිස්නස් කරන්නේ. මේ දිනවල බිස්නස් ගැන කියනවානම් බිස්නස් සාමාන්‍ය පරිදි කෙරීගෙන යනවා. විශාල වැඩිවීමක් නෑ. 
බිස්නස් මේ තත්වයට පත්වීමට බලපෑ හේතු මොනවාද?  
පිටකොටුව කියන්නේ ලංකාවේ තිෙයන කාර්යබහුලම වෙළෙඳ නගරය. පාරිභෝගිකයට අවශ්‍ය කරන සියලුම භාණ්ඩ පිටකොටුවෙන් අඩු මිල ගණන්වලට මීලදී ගන්න පුළුවන් නිසා නිරන්තරයෙන් පිටකොටුවේ සෙනඟ ගැවසෙනවා. ඒ නිසා මල්වත්ත පාරේ බිස්නස් කරන අපිටත් සාමාන්‍ය පරිදි බිස්නස් තියනවා. 
මේ දිනවල සීසන් එකක් නෙමෙයි නිසා ලොකුවට බිස්නස්වල වැඩිවීමක් වෙන්නේ නෑ. ඉස්සරහට එන සීසන් එකත් එක්ක නම් බිස්නස් සරු වෙයි. බෑග් මිල ගත්තාම මිලේ ලොකු වැඩියකුත් නෑ. විවිධ මිල ගණන්වලට තියනවා. ඒකත් පාරිභෝගිකයන්ට පහසුවක්. මොකද තමන්ට සරිලන මුදලකට මිලදී ගන්න පුලුවන් නිසා.
ශෂිකා අබේරත්න
ඡායාරූප : ඉසුරු පෙරේරා
බිස්නස් විශාල වැඩිවීමක් නෑ