පළමු හරස් වීදියේ ආසියා සෙලියුලර් සෙන්ටර් හිමිකරු
ආදර් මොහොමඩ් අස්රම්
ඕලන්ද යුගයේ දී ‘අවුද් ස්ටාද්’ යනුවෙන් හැඳින්වූ පෙදෙස බ්‍රිතාන්‍ය යුගයේ දී pettah නමින් හැඳින්විණි. කොළඹ නගරයේ කාර්යබහුලම තැන පිටකොටුව බව අමුතුවෙන් කිවයුතු නැත. පිටකොටුව වෙළෙඳ නගරයට දහවල් කාලයේ පිවිසෙන ඔබ එහි ඇවිදයාමට සිදු වන්නේ දැඩි අපහසුවකිනි. එයට හේතුවන්නේ වීදී පුරා පිරී ඉතිරී යන සෙනග හේතුවෙනි. පිටකොටුව වෙළෙඳපොළේ එළිමහන් කඩසාප්පු සහ වෙළෙඳපොළ මාලාවකි.
ලංකාවේ පමණක් නොව ලෝකයේ කොහේවත් නැති අඩු ගාණට නිවසකට සරිලන ඕනෑම භාණ්ඩයක් කොටුවෙන් ලබාගත හැකිය යන්න බොහෝ දෙනාගේ අදහසයි. එහි වැරැද්දක් නැත්තේද නැත. බොහෝ භාණ්ඩ ඉතා අඩු මිල ගණන් යටතේ පිටකොටුවෙන් ලබා ගත හැකිය. මේ දිනවල වෙළෙඳාමේ තතු දැනගැනීමට අපි පළමු හරස් වීදීයට ගියෙමු. ආසියා සෙලියුලර් සෙන්ටර් හි හිමිකරු වූ ආදර් මොහොමඩ් අස්රම් මහතා බිස්නස් සමබන්ධයෙන් දැක්වූයේ මෙවැනි අදහසකි.
මේ දිනවල බිස්නස් කොහොමද?
අපි ළඟ තියෙන්නේ දුරකථන, දුරකථන උපාංග. ඒවගේම දුරකථන අලුත්වැඩියා කිරීම් කටයුතුත් සිදු කරනවා. අපි අවුරුදු 10 ක ඉඳන් බිස්නස් කරන්නේ. සේවකයෝ 4දෙනෙක් වැඩ කරනවා. මේ දිනවල බිස්නස් ගැන කතා කරනවා නම් බිස්නස් සාමන්‍ය පරිදි තියනවා. එහෙත් වෙන අවුරුදුවලට සාපෙක්ෂව බිස්නස්වල අඩුවක් තියනවා.
බිස්නස් අඩුවීමට හෝ වැඩිවීමට බලපෑ හේතු මොනවාද?
නව වසර කියලා බිස්නස් වැඩි වෙන්න දුරකථන කියන්නේ සීසනින් බිස්නස් එකක් නෙමෙයි. එහෙත් වෙනත් වසරවල නත්තල් සහ නව වසරට සමගාමීව තෑගි දෙන්න වගේ දේවල් සඳහාත් දුරකථන මිලදී ගත්තා. එහෙත් පසුගිය සමයේ රටතුළ සිදු වූ ආපදා තත්වය නිසා රටේ බහුතර වෙළෙඳාම් කඩා වැටුණා. ඒ නිසා මෙවර ගොඩක් වෙළෙඳසල්වලට බිස්නස් අඩුයි. තාම රට යථා තත්වයට පත් වෙමින් තියෙන්නේ. මේ අවුරුද්දේ බිස්නස් යම් වැඩි වීමක් තියෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
ශෂිකා අබේරත්න
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
බිස්නස් තියෙන්නේ සාමාන්‍ය මට්ටමක