මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට කඩුවෙල වෙළෙඳ නගරයට පිවිසුණු අවස්ථාවේ අප ගොඩවැදුණේ දුරකථන උපාංග අලෙවිසලක්වන Ring Cell වෙළෙඳ ආයතනය වෙතටයි. එහිදී එහි ව්‍යාපාරික නිලංග පිගේරා මහතා මේ දිනවල බිස්නස් සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.
Q මේ දවස්වල බිස්නස් කොහොමද?
අපි වසර විසිපහක කාලයක ඉඳන් මෙම ව්‍යාපාරය කරගෙන යනවා. මේ දිනවල බිස්නස්වල අඩුවීමක් තියෙනවා. ගිය වසරට සාපේක්ෂව ගත්තොත් බිස්නස් සාමාන්‍ය මට්ටමකට තමයි තියෙන්නේ.
Q බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
කොහොමත් අගෝස්තු, සැප්තැම්බර් කියන්නේ අපේ බිස්නස්වලට බිස්නස් අඩු කාල සීමාවක්. මේ තත්වය සෑම වසරකම මේ බිස්නස් එකේ පවතින සාමාන්‍ය තත්වයක්. එහෙත් මේ වතාවේ සැලකිය යුතු මට්ටමකට බිස්නස් එකක් තිබුණේ නැහැ. ගිය වසරත් එක්ක ගත්තම දුරකථන උපාංග සහ ඉලෙක්ට්‍රොනික උපාංග මිලේ යම් අඩුවීමක් තිබුණා. මිලේ වෙනසක් සිදු වුණත් තවම සැලකිය යුතු මට්ටමකට බිස්නස් එකක් ගොඩනැගිලා නැහැ.
පාරිභෝගිකයාගේ අතේ සල්ලි තියෙනවා නම් ඇවිත් බඩු ගන්නවා. පාරිභෝගිකයාගේ අතේ මුදල් නොමැතිවීම තමයි බිස්නස් අඩුවෙන්න මූලිකම හේතුව. පාරිභෝගිකයන් දිනපතා පරිහරණය කරන බඩුවල මිල ඉහළ ගියාට මිනිස්සුන්ගේ අතට ලැබෙන මුදල්වල වැඩිවීමක් වුණේ නැහැ. මාසයක ආදායම රුපියල් පනස්දහසයි නම් ඊට සරිලන විදිහට තමයි වියදම සැලසුම් කරන්නේ. බඩුවල මිල ඉහළ යාමත් එක්ක අතේ ඇති මුදලට භාණ්ඩ මිලදී ගන්න සැලසුම් කරගන්න සිදු වුණා. පාරිභෝගිකයා අතේ මුදල් රඳා පැවතීමත් එක්ක තමයි බිස්නස්වල රඳා පැවැත්ම තීරණය වන්නේ.
මේ දවස්වල භාණ්ඩවල මිලත් එක්ක පාරිභෝගිකයෝ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න විතරයි යොමු වෙලා ඉන්නේ. මිනිස්සු අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගෙන මුදල් ඉතිරි වුණොත් තමයි අමතර භාණ්ඩ මිලදී ගන්න යොමු වෙන්නේ.
ඒ වගේම අද වෙද්දී ජංගම දුරකථන, දුරකථන උපාංග සහ ඉලෙක්ට්‍රොනික් උපාංග අලෙවිකරණ බොහෝ පිරිසක් ඉන්නවා. පාරිභෝගිකයෝ මිල අඩුනම් ඒ තැනින් භාණ්ඩයක් මිලදී ගන්න පුරුදුවෙලා ඉන්නේ. ඔවුන් භාණ්ඩයේ ධාරිතාව, කල්පැවැත්ම ගැන නොහිතා මිල පමණක් සලකා බලා උපාංගයක් මිලදී ගන්න යොමුවෙලා ඉන්නේ. මේ කියන කාරණා නිසා තමයි අද වෙද්දී බිස්නස් යම් මට්ටමකට අඩුවෙලා තියෙන්නේ.
මනීෂා වීරසිංහ
ඡායාරූප : ලහිරු හර්ෂණ
බිස්නස් තියෙන්නේ සාමාන්‍ය මට්ටමක