IMG-LOGO

2025 ජුනි මස 15 වන ඉරිදා


බිස්නස් තියෙන්නේ සාමන්‍ය මට්ටමක

වැල්ලම්පිටියේ ෂූ කෙයාර් හිමිකරු එම්. ආර්. එම් ෆයිසාල්


මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබඳව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල, බොරැල්ල ආදී ප්‍රදේශ වෙත ගියෙමු. බිස්නස්වල තතු සෙවීමට අප මෙවර ළඟා වූයේ වැල්ලම්පිටිය නගරය වෙතය. වැල්ලම්පිටිය නගර මධ්‍යයේ පිහිටි සෙරප්පු අලෙවිසැලක් වූ ෂූ කෙයාර් වෙත අපි ගොඩ වූයෙමු. එහි හිමිකරු වූ එම්. ආර්. එම් ෆයිසාල් මහතා මේ දිනවල බිස්නස් පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.

Q: මේ දිනවල බිස්නස් කොහොමද?
මේ දවස්වල බිස්නස් ගැන කියනවා නම් බිස්නස් සාමාන්‍ය විදියට තියනවා. වරදක් නෑ. සිංහල හින්දු අලු‍ත් අවුරුදු සමයේ හොදට බිස්නස් තිබ්බා. අවුරුද්දෙන් පස්සෙ නම් බිස්නස් ටිකක් අඩුයි. හජ්ජි උත්සවයට කියලා නම් බිස්නස් ලොකු  වැඩි වීමක් තිබ්බේ නෑ.


Q: බිස්නස් අඩුවීමට බල පෑ හේතු මොනවාද?
මම සෙරප්පු ආනයනය කරනවා. මොකද දේශීය නිෂ්පාදනවලට ඉස්සර වගේ හොඳ වෙළෙදපොළක් නෑ. ඒකට හේතුව ආනයනික සෙරප්පුවලට සාපේක්ෂව දේශීය නිෂ්පාදිත සෙරප්පු මිල ගණන් වැඩිවීම. මම මේ ව්‍යාපාරය ආරම්භ කරන්න කලින් සෙරප්පු නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගියේ. අවුරුදු 30 ක් වගේ කාලයක් මම ඒක කලා. මගේ නිෂ්පාදනගාරයේ සේවකයන් 25 ක් වගේ වැඩ කළා. 
එහෙත් මෙරටට විදේශීය නිෂ්පාදිත සෙරප්පු ආනයනය කරන්න පටන් ගත්තාම දේශීය නිෂ්පාදන සදහා ති​ෙයන ඉල්ලු‍ම අඩු වුණා. දේශීය නිෂ්පාදන මිල ඉහළ ගියා. ඒ වගේ හේතු නිසා මට නිෂ්පාදනගාරය වහන්න වුණා. ඒක වහලා තමයි දැන් වසර 10 ට කලින් මම මේ ව්‍යාපාරය ආරම්භ කළේ.
 ආරම්භ කළ කාලයේ හොඳට බිස්නස් තිබ්බා. මොකද වැල්ලම්පිටියේ සෙරප්පු වෙළෙඳසැල් අඩු නිසා. දැන්නම් සෙරප්පු වෙළෙදසැල් ගොඩක් තියනවා. ඒ නිසා බිස්නස්වලත් අඩුවක් තියනවා. බිස්නස් කාලෙන් කාලෙට අඩු වෙනවා වැඩි වෙනවා. ඒක සාමාන්‍යයයි. මේ දවසවල බිස්නස් අඩු වෙන්න නම් හේතුව මිනිස්සුන්ගේ අතේ සල්ලිත් නැතුව ඇති. ගොඩක් මවුපියන් ළමයින්ට විතරයි සෙරප්පු අරන් දෙන්නේ. මම තනියම මේ වෙළෙඳසැල කරන්නේ. සේවකයන්ටත් පඩි ගෙවලා කඩේ කුලී ගෙවලා මේ බිස්නස් වලින් ලාබ ලබන්න බෑ.



අදහස් (0)

බිස්නස් තියෙන්නේ සාමන්‍ය මට්ටමක

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site