මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබදව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල, වැල්ලම්පිටිය, කොලොන්නාව, බොරැල්ල, දෙමටගොඩ, කිරිබත්ගොඩ ආදී ප්‍රදේශවල ඇදුම්, පාවහන්, තිර රෙදි, ප්ලාස්ටික් බඩු, පාසල් උපකරණ, ගෘහ උපකරණ ආදී එකී මෙකී නොකී භාණ්ඩ අලෙවිසැල් වෙත ගියෙමු. බිස්නස්වල තතු සෙවීමට අප මෙවර ළඟා වූයේ කොට්ටාව ග්‍රොසරි වෙතය. එහි හිමිකරු වූ බන්දුල යසරත්න මහතා මේ දිනවල බිස්නස් පිළිබද දැක්වූයේ මෙවැනි අදහසකි.
Q මේ දිනවල බිස්නස් කොහොමද?
මම මේ බිස්නස් එක පටන් අරන් මේ වෙනකොට වසර ගණනාවක් වෙනවා. මේ දිනවල බිස්නස් ගැන කතා කරනවා නම් බිස්නස් ටිකක් අඩුයි. බිස්නස් අඩුවීම දැනට මාස 3ක් වගේ කාලයක ඉදන් තියනවා. බිස්නස් සරුබවක් නෑ. පාරිභෝගිකයන්ගේ පැමිණීම අඩු මට්ටමක තියෙන්නේ.
Q බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
බිස්නස් අඩු වෙන්න බලපාන හේතු කීපයක්ම තියනවා. ප්‍රධානම හේතුව තමයි වර්තමානයේ රට තුළ පවතින ආර්ථික තත්වය. ආර්ථිකය එක්ක ජීවත් වෙද්දි ජනතාවට රිසි පරිදි මුදල් වියදම් කරන්න බෑ. විදුලි බිල්, වතුර බිල්, ගෙවල් කුලී, දරුවන්ගේ වියදම් ආදියට වියදම් කලාම මිනිස්සු අතේ සල්ලි නෑ. ඒ නිසා අත්‍යාවශ්‍යම දේවල් විතරයි පාරිභෝගිකයෝ මිලදී ගන්නේ.
බිස්නස් අඩු වීමට බලපාන අනෙක් හේතුව තමයි භාණ්ඩ මිල ඉහළ යාම. පාරිභෝගිකයෝ භාණ්ඩ මිල ගණන් අහලා බලලා මිල අඩුම තැනින් තමයි මිලදී ගන්නේ. ඒ වගේම නමගිය සුපිරි වෙළෙඳසල් ජාලයක් ක්‍රියාත්මක වීමත් හේතුවක්. බොහෝ අය භාණ්ඩ තෝරල ගන්න පුළුවන් නිසා සුපිරි වෙළෙඳසල් වෙත යනවා. ආර්ථික ගැටලු, භාණ්ඩ මිල ඉහළ යාම, වෙළෙඳපොළේ පවතින තරගකාරිත්වය වගේ හේතු නිසා තමයි බිස්නස් අඩු වෙලා තියෙන්නේ.
ශෂිකා අබේරත්න
ඡායාරූප : ඉසුරු පෙරේරා
බිස්නස් ටිකක් අඩුයි සරුබවක් නෑ