IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


බිස්නස් ඇත්තෙම නැති තරම් කොහොමද?

රත්තරන් කියන්නේ ඉස්තරම් දෙයක්. රත්තරන් කියන වචනය පවා බොහෝ අවස්ථාවල යොදා ගනු ලබයි. ලෝකේ තිබෙන ලෝහ අතුරින් මිල අධිකම ලෝහය රත්තරන් වගේම ඉතාම අලංකාරම ලෝහයත් රත්තරන්.

රත්තරන් මිලදී ගැනීමට කොයි කවුරුත් යන්නේ හෙට්ටිවීදීය වෙතයි. හෙට්ටි වීදිය කියන්නේ ලංකා ඉතිහාසයේ රත්තරන් සඳහා ප්‍රසිද්ධම වීදියයි. ඒත් රත්තරන් එක්කම ජීවිත ගෙවන මේ මිනිස්සුන්ගේ ජීවිතත් රත්තරන් තරමටම ඉස්තරම්ද යන්න සොය බැලීමට අපි ගියේ හෙට්ටිවීදිය වෙතයි. රත්තරන් වෙළෙඳාමේ වත්මන් ස්වරූපය පිළිබඳව චම්පා ජුවලරි ආයතනයේ හිමිකරු එස් දේවේන්ද්‍ර මහතා අප හා අදහස් බෙදා ගත්තේ මෙලෙසිනි. 

Q මේ දිනවල බිස්නස් කොහොමද?

මේ දිනවල බිස්නස් ගැන කතා කරනවා නම් බිස්නස් හොඳටම අඩුයි. බිස්නස් ඇත්තෙම නැති තරම්. පිටකොටුවේ අනිත් වීදීවලට ගියාම යන්න එන්න වත් බැරි තරම් සෙනග. කඩවල් ඇතුලෙත් එහෙමයි. එ්ත් හෙට්ටිවීදියේ කඩවල සෙනග නෑ. ඒ කියන්නේ මිනිස්සු රත්තරන් මිලදී ගන්න එන්නෙ නෑ කියන එක. 

Q බිස්නස් අඩුවීමට බල පෑ හේතු මොනවාද?

බිස්නස් අඩු වෙන්න බලපාන ප්‍රදානම හේතුව තමයි රත්තරන් මිල. පහුගිය දවස්වල රත්තරන් මිල රුපියල් 4 20 000 ක් දක්වා වැඩි වුණා. ඒ දවස් ටිකේනම් බිස්නස් තිබ්බෙම නැති තරම්. දැන් මිල රුපියල් 3 30 000 ක් වගේ ගාණක් වෙනවා. ලොකු ගාණකින් එකපාර මිල අඩු වුණා. ඉදිරි මාසවල තවත් මිල අඩු වෙයි කියලා හිතනවා. 


මිලේ ස්ථාවරයක් නැති වීමත් බිස්නස් අඩු වෙන්න බලපානවා. රත්තරන් ගන්න ආවත් බොහෝ පාරිභෝගිකයන් අපෙන් අඩු ගාණකට කේවල් කරලා, රත්තරන් අත ගාලා බලලා යනව ඇරෙන්න මිලදී ගන්නේ නැ. ඒ තරමටම මිනිස්සු අද ජීවත් වෙන්නේ ආර්ථික අර්බුද රැසකට මුහුණ දීලා. ඉස්සරහට මොනව වෙයිද දන්නේ නැහැ. හැබැයි අද තියෙන තත්වය ඕකයි.

ශෂිකා අබේරත්න
ඡායාරූප-ඉසුරු පෙරේරා

 

 

 


 



අදහස් (0)

බිස්නස් ඇත්තෙම නැති තරම් කොහොමද?

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site