IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


බිස්නස් අඩුවක් වැඩියක් කියන්න බෑ

මල්වත්ත පාරේ ලැගේජ් ස්ටූඩියෝහි  
එම්. එස් ෆයිසර්


මල්වත්ත පාර යනු පිටකොටුවේ වීදිවලින් එක්තරා ආරම්භයක් සනිටුහන් කරන වීදීයකි. සමහරු සිතන්නේ පිටකොටුවෙන් මල් මිලදී ගත හැක්කේ මල් වත්ත පාරෙන් කියාය. පරපුරක් නැළවූ කැසට් පටයට ද මේ වීදිය නම් දරා ඇත. කලක් මේ වීදිය ගීත රසිකයන්ගේ කැසට් වීදිය විය. කාලයක්ම පරණ කෝට් වෙළෙඳාමට නම් දරා සිටි මේ මාවත ඒ සියලු‍ වකවානු පසුකරමින් වර්තමානය වන විට මල්වත්ත පාරේ ඇස ගැටෙන සුලබ දසුන වන්නේ නොයෙක් වර්ගයේ පාසල් බෑග්, ට්‍රැවලින් බෑග්, විවිධ වර්ගයේ සපත්තු හා නානා මාදිලියේ ඔරලෝසු වෙළෙඳසල්ය. මේ දිනවල වෙළෙඳාම පිළිබදව දැනගැනීමට අපි ගොඩ වූයේ බෑග් අලෙවිසලක් වූ ද ලැගේජ් ස්ටූඩියෝ වෙතය. එහි අලෙවිකරුවකු වූ එම්. එස් ෆයිසර් මහතා මෙලෙස අදහස් දැක්වුවේය.


මේ දිනවල බිස්නස් කොහොමද?
මේ බිස්නස් එක පටන් අරන් දැනට ලොකු කාලයක් නෑ. මේ දිනවල බිස්නස් ගැන කතා කරනවා නම් බිස්නස් සාමාන්‍ය පරිදි කෙරීගෙන යනවා. අඩුවක් වැඩියක් කියන්න බෑ. කොහොමත් ට්‍රැවලින් බෑග් කියන්නේ සීසන් බිස්නස් එකක් නෙමෙයි. මිනිස්සු සංචාරය කරනවා වැඩි වුණොත් තමයි අපිට බිස්නස් වැඩි වෙන්නේ.


බිස්නස් අඩුවීමට හෝ වැඩිවීමට බලපෑ හේතු මොනවාද? 
බිස්නස් අඩු වැඩි වීම තීරණය වෙන්නේ අපි වෙළෙඳාම් කරන ආකාරය අනුව. අපි පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවලට සරිලන භාණ්ඩ අලෙවි කරනවා නම් බිස්නස් වැඩි වෙනවා. ඒ වගේම පාරිභෝගිකයනට තෝරා ගැනීමට එකතුවක් තිබීමත් වැදගත්. මිල කියන සාධකයත් බිස්නස්වලට ප්‍රධාන වශයෙන් බලපානවා. විවිධ මිල ගණන් යටතේ මිලදී ගැනීමට හැකියාවක් තිබීමත් වෙළෙඳාම් වැඩි වීමට හේතුවක්. අපි බෑග් ගෙන්වන්නේ චීනෙන්. අපි විවිධ මිල ගණන් යටතේ විවිධ ප්‍රමාණ යටතේ, විවිධ වර්ණවලින් බැග් ආනයනය කරනවා. ඒ නිසා බිස්නස් අඩුවක් නෑ. සාමාන්‍ය පරිදි කෙරීගෙන යනවා.

ශෂිකා අබේරත්න
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (0)

බිස්නස් අඩුවක් වැඩියක් කියන්න බෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site