
රජය කළ යුතුව ඇත්තේ ලෝකයම ගමන් කරන පුනර්ජනනීය පරිසර හිතකාමී තිරසාර බලශක්ති ප්‍රභවයන් හා සමගාමීව රටේ ජාතික බලශක්තිය දෙමුහුන් තාක්‍ෂණය තුළ උච්චාවචනය තුලනාත්මකව සුමටව කළමනාකරණය කිරීමට ඔවුන්ට ජාත්‍යන්තර තාක්ෂණික සහයෝගිතා ලබා දීමයි.
මිහිතලය මත සමස්ත ජෛව සහ මානව පැවැත්මෙ දරුණුම ඛේදවාචකය දේශගුණික විපර්යාසයි. ඒ බව අපේ ඇසට දෘශ්‍යමාන සාක්ෂි කීපයක් නම්, අපට දැන් හිරු බැසයන ලස්සන සැඳෑ අහසක් බලන්න නැත. අපට දැන් උදෑසන නැග එන හිරු රැසෙන් බැබළෙන වලාකුලක සුන්දරත්වය දකින්නට නැත.
බලශක්තියේ අනාගත සැලසුම් ජනතාව වෙනුවෙන්ද?