IMG-LOGO

2026 මැයි මස 20 වන බදාදා


බලශක්ති ගබඩා පද්ධති 25ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක්

  • වසර 15 ක මෙහෙයුම් කාලසීමාවක් සහිතව ඉදිකිරීම, අයිතිය දැරීම සහ ක්‍රියාත්මක කිරීමේ පදනම මත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ

නිමල කොඩිතුවක්කු 


මෙගාවොට් 10/ මොගාවොට් පැය 40 තනි බැටරි බලශක්ති ගබඩා පද්ධති 25ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මෑත කාලය තුළ පුනර්ජනනීය බලශක්තියේ ධාරිතාව, විශේෂයෙන් සූර්ය බල ශක්ති ස්ථාපනය කිරීම් ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, එම ප්‍රවණතාව අඛණ්ඩව ඉදිරියට පැවතෙනු ඇතැයි බලාපොරොත්තු වේ. එකී තත්වය යටතේ ජනනය වන සූර්ය බල ශක්ති ධාරිතාව, 2023 - 2042 දිගුකාලීන විදුලි ජනන සැලසුම් රාමුව තුළ වූ සූර්ය බල ශක්ති ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතා ද අභිබවා ගොස් ඇති බව නිරීක්ෂණය වී ඇත.

 එබැවින්, පුනර්ජනනීය බල ශක්ති ප්‍රයෝජනයට ගැනීම ඉහළ නැංවීම පිණිස පසු භාවිතය සඳහා බල ශක්තිය ගබඩා කිරීමට හැකි වන පරිදි මෙගාවොට් 10/ මෙගාවොට් පැය 40 තනි බැටරි බලශක්ති ගබඩා පද්ධති 25ක් ඉදිකිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. ඒ අනුව, වසර 15 ක මෙහෙයුම් කාලසීමාවක් සහිතව ඉදිකිරීම, අයිතිය දැරීම සහ ක්‍රියාත්මක කිරීමේ පදනම මත එකී බැටරි බලශක්ති ගබඩා පද්ධති 25 ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.



අදහස් (0)

බලශක්ති ගබඩා පද්ධති 25ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site