IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


බලශක්ති අංශයේ ප්‍රවණතා ආයෝජන අංශ උනන්දුකරන ස්වභාවයක්

අද දිනයේ කොටස් වෙළෙඳපොළ තරගකාරීත්වය තව දුරටත් පවතිනු ඇති බවක් දැක්වේ. බැංකු, රක්ෂණ හා රථ වාහන අංශවල සමාගම්වල කොටස්වල ඉල්ලුම ඉහළ යා හැකිය. ලැයිස්තුගත වාණිජ බැංකු හා මූල්‍ය සමාගම් රථ වාහන ආනයනය සමග ඇති කරගත් අවස්ථාවලින් වඩාත් ශක්තිමත් ස්වභාවයකට පැමිණ තිබේ. එය පදනම් කරගෙන 2025 මූල්‍ය වර්ශයේ දි යහපත් ප්‍රතිලාභ ප්‍රකාශයට පත් කරනු ඇතැයි ආයෝජන අංශ විශ්වාස කරති. 

විදුලිය බල මණ්ඩලය සූර්ය බලශක්ති සැපයුම්කරුවන්ට රාත්‍රී කාලයේ දී ගෙවන මිල අලුතින් හඳුන්වා දී ඇති අතර එයට අනුබද්ධිත සමාගම් බැටරිවලට ආයෝජනය කරනු ඇතැයි අපේක්ෂාවෙන් බලශක්ති අංශයේ ලැයිස්තුගත සමාගම්වල ප්‍රවණතා කෙරෙහි ආයෝජකයන්ගේ අවධානය යොමු වී ඇත.

ඊයේ (ඔක් 16) ගනුදෙනු අවසන් වන විට සියළු කොටස් මිල දර්ශකය ඒකක 22,416.15 ක් දක්වා ඉහල ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 123.87 ක පිබිදීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,226.64 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 27.82 ක වර්ධනයක් සේ වාර්තා වේ. දෛනික පිරිවැටුම රු. බිලියන 8.87 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 42,878 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 293.7 ක් විය. සමාගම් 159 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 84 කි. මිල දී ගැනීමේ ප්‍රවණතාව සියයට 72.2 ක වැනි ඉහළ තැනෙක විය.

බලශක්ති, ප්‍රවාහන, ප්‍රාග්ධන භාන්ඩ, රථ වාහන, සිල්ලර වෙළෙඳාම, පාරිභෝගික සේවා, බැංකු, විවිධාංගීකරණ මූල්‍ය, මෘදුකාංග සේවා යන ක්ෂේත්‍ර පිබිදීමක් පෙන්නුම් කළේය. ආහාර පාන, සන්නිවේදන, සහ වාණිජ සේවා ඇතුළු ක්ෂේත්‍ර දුර්වල වූ බවක් සනිටුහන් කෙරිණ. මෙදින ගනුදෙනුවල දී විදේශ ආයෝජකයන් රුපියල් මිලියන 1,717 ක කොටස් විකුණන ලද අතර විදේශ මිල දී ගැනීම් රු. මිලියන 315 කි. ශුද්ධ විනිමය ආපසු ගලායෑම රු. මිලියන 1,402 කි.

නිරීක්ෂක

 



අදහස් (0)

බලශක්ති අංශයේ ප්‍රවණතා ආයෝජන අංශ උනන්දුකරන ස්වභාවයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site