IMG-LOGO

2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා


බිල්පත් පොලියේ අඩු වැඩි වීමක්

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ඊයේ (23) පැවැති අතර එහිදී දින 91 සහ දින 182 පොලී අනුපාතිකවල ඉහළ යාමක් වාර්තා වී තිබුණි. එමෙන්ම දින 364 කල්පිරෙන බිල්පත් පොලියෙහි පහළ යාමක් පෙන්නුම් කළේය.

ඒ අනුව දින 91 බිල්පත් පොලිය සියයට 7.59 සිට සියයට 7.62 ක් දක්වා සහ දින 182 බිල්පත් පොලිය සියයට 7.96 සිට සියයට 7.98 ක් දක්වා ඉහළ යාමක් පෙන්නුම් කළේය. එමෙන්ම දින 364 බිල්පත් පොලිය සියයට 8.31 සිට සියයට 8.29 ක් දක්වා පහළ ගොස් තිබුණි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් කැඳවා තිබුණු මෙම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සඳහා රු. මිලියන 115,000 ක බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර ඊට රු. මිලියන 231,383ක ලංසු ලැබී තිබුණි. එතරම් ලංසු ඉදිරිපත්වුවත් මෙහිදී පිළිගෙන තිබුණේ රු. මිලියන 95,617 ක බිල්පත් ප්‍රමාණයකට සරිලන ලංසු පමණි.



අදහස් (0)

බිල්පත් පොලියේ අඩු වැඩි වීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site