IMG-LOGO

2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා


බලපිටිය සමූපකාර ග්‍රාමීය බැංකුව අලු‍ත් තැනක

 


කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත සහ බලපිටිය වයි.එස්.ඒ.ද. සිල්වා


කාලයක්ම බදු පදනම මත බලපිටිය බස් පොළේ පවත්වාගෙන ගිය බලපිටිය විවිධ සේවා සමූපකාර සමිතියට අයත් බලපිටිය සමූපකාර ග්‍රාමීය බැංකුව එම සමූපකාර සමිති දෙමහල් ප්‍රධාන කාර්යාලයේ පළමු මහලට ගෙන ඒමේ උත්සවයක් ඉකුත්දා පැවැත්විණ.

බලපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති මහේෂ් කුමාර, උප සභාපති අනුරාධ ප්‍රියදර්ශන යන මහත්වරුන් ප්‍රමුඛ අධ්‍යක්ෂක මණ්ඩලය, සාමාන්‍යාධිකාරී අචිනි මධුෂානි, ග්‍රාමීය බැංකු සේවා දම්මි දීපානි, ප්‍රසිද්ධ සමාජ සේවක නිමල් කණකරත්න යන මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගීවූහ.

එම උත්සවයේදී බලපිටිය ග්‍රාමීය බැංකුවේ ආරම්භක ගනුදෙනුකරුවකුවූ භාතිය රාජපක්ෂ මහතා මෙහිදී පළමු ගනුදෙනුව කිරීමෙන් විශේෂයෙන්ම කැපී පෙනිණි.



අදහස් (0)

බලපිටිය සමූපකාර ග්‍රාමීය බැංකුව අලු‍ත් තැනක

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site