අලුත්ගම තුසිත කුමාරද සිල්වා
බේරුවල - බෙන්තොට සංචාරක හෝටල් සංගමයේ නිලවරණය බෙන්තොට ටාජ් සංචාරක හෝටලයේදී පැවැත්විණි.
එහිදී 2025-2026 වර්ෂ වෙනුවෙන් නව නිලධාරි මණ්ඩලයක් තෝරාපත් කරගැනීම ආරම්භ වූ අතර නැවත වාරයක් හිටපු නිලධාරී මණ්ඩලයම ඉදිරි වසර වෙනුවෙන්ද පත් කර ගැනීම ඒකමතිකව සම්මත විය. ඒ අනුව සභාපති ඉන්දක ද සිල්වා (බාබේරියන් ආයුර්වේද හෝටලය) ලේකම් වශයෙන් ආචාර්ය හර්ෂ ජයසිංහ භාණ්ඩාගාරික වශයෙන් මනෝ ගුණසේකර යන මහත්වරු තේරී පත්වූහ.
සභාපතිවරයා අදහස් දක්වමින් පැවසුවේ, බේරුවල - බෙන්තොට සංචාරක හෝටල් සංගමය සංචාරක ක්ෂේත්‍රයෙහි අභිවෘද්ධිය වෙනුවෙන් සාමූහිකව කටයුතු කිරීමට සියලු නිලධාරීන් හා සාමාජිකයන් එකඟතාවට පැමිණිඅතර අනාගතයේ සංචාරක ඉලක්ක ජය ගැනීමට මෙමගින් අවස්ථාව උදාවනු ඇති බවයි.
බේරුවල බෙන්තොට සංචාරක කලාපයේ තම හෝටල් සංගමය තරු තුනෙන් ඉහළ සංචාරක හෝටල් 18 ක් නියෝජනය කරන අතර සංචාරක සමයේදී දිනකට මෙම සංචාරක හෝටල් 18 න් ඍජුව දිනකට රටට ලැබෙන ඩොලර් ප්‍රමාණය ලක්ෂ දහය ඉක්මවන බවත් සෘජුව සහ වක්‍රව සංචාරක හෝටල් කර්මාන්තය වෙත සේවය සපයන සංඛ්‍යාව 15,000 ඉක්මවන බව නව සභාපති ඉන්දක ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.
බේරුවල - බෙන්තොට සංචාරක හෝටල් සංගමයට හිටපු නිල මඩුල්ලම ඉදිරි වසරටත්