
අලුත්ගම - තුසිත කුමාර ද සිල්වා
බ්‍රවුන්ස් හෝටල් සමූහයට අයත් ද ඊඩ්න් බේරුවල සංචාරක හෝටලය එළඹෙන නත්තල් උත්සවය වෙනුවෙන් එම හෝටලයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට පිළිගැන්වීමට කිලෝ සියයක නත්තල් කේක් මිශ්‍රණය සැකසීම විදේශීය සංචාරකයන්ගේද සහභාගිත්වයෙන් එම හෝටල් පරිශ්‍රයේදී ඉකුත්දා සිදු කෙරිණ.
බ්‍රවුන්ස් හෝටල් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී එක්සත් විජයරත්න මහතාගේ උපදෙස් හා මෙහෙයවීමෙන් තාල බෙන්තොට හා ද ඊඩ්න් හෝටල් කළමනාකාර රොහාන් ගමගේ, අධ්යක්ෂ සුපවේදී දීපාල් ද සිල්වා, ඇතුළු අංශභාර කළමනාකරුවන් එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබිණ.
දෙස් විදෙස් නේවාසික සංචාරකයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව දැක බලා ගැනීමට එක්ව සිටි අතර මෙලෙස මිශ්‍රණය කළ නත්තල් කේක් එළඹෙන දෙසැම්බර් 24 දින මධ්‍යම රාත්‍රියේ අමුත්තන්ට රස බැලීමට අවස්ථාව ලබා දෙන බව අධ්යක්ෂ සුපවේදී දීපාල් ද සිල්වා මහතා කීය.
මෙම සුවිශේෂී නත්තල් කේක් මිශ්‍රණයට කේක් නිෂ්පාදනය සඳහා භාවිත කරන ජාත්‍යන්තරය පිළිගත් අමුද්‍රව්‍ය 25 කට අධික ගණනක් යොදාගත් බව ඊඩ්න් හෝටලයේ සූපවේදී රොහාන් බැස්ටියන් මහතා කියා සිටියේය.

බේරුවල ඊඩ්න් සංචාරක හෝටලයේ නත්තල් කේක් සකසයි