IMG-LOGO

2026 අගෝස්තු මස 27 වන බ්‍රහස්පතින්දා


බ්‍රවුන්ස් සමූහය Agstar Exports රැ.මි. 35.3කට විකුණයි

භානුක අමරසිංහ 


Agstar PLC සමාගමේ පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වනAgstar Exports (පෞද්) සමාගම වෙනත් පාර්ශ්වයකට අලෙවි කළ බව සමාගම පවසයි. ඒ අනුව සමාගමේ සමස්ත කොටස් ප්‍රමාණය වන කොටස් 4,500,000ක් රුපියල් මිලියන 35.3ක මුදලකට අලෙවි කෙරී තිබේ.
 මෙහිදී ප්‍රසන්න සම්පත් දසනායක සහ කපුගෙදර ඉෂාරා තිළිණි නවරත්න යන දෙපළ විසින් අදාළ මිලදී ගැනීම සිදු කර ඇති බවත් එම සමාගම පවසයි. මෙම Agstar PLC සමාගම LOLC සමූහයට අයත් බ්‍රවුන්ස් සහ සමාගමට අයත් සමාගමකි. Agstar Exports (පෞද්) සමාගම කෘෂිකර්මාන්තය පදනම් කරගත් නිෂ්පාදන අපනයන ව්‍යාපාරයේ සහ පාරිභෝගික භාණ්ඩ අලෙවිකරණයේ නිරත සමාගමකි. 

 



අදහස් (0)

බ්‍රවුන්ස් සමූහය Agstar Exports රැ.මි. 35.3කට විකුණයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site