IMG-LOGO

2026 පෙබරවාරි මස 04 වන බදාදා


බ්‍රවුන්ස් බීච් හොටෙල්ස් කොටස් ගනුදෙනු අත්හිටුවීම 2026 අගෝස්තුවට කල් යයි

භානුක අමරසිංහ


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත බ්‍රවුන්ස් බීච් හොටේල්ස් පී.එල්.සී. සමාගමේ කොටස් එහි ගනුදෙනු කිරීම අත්හිටුවීමේ තීරණය 2026 අගෝස්තු 31 වැනිදා දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව අනුමතිය ලබා දුන් බව එම සමාගම පවසයි.
පෙර සඳහන්ව තිබූ ආකාරයට 2025 නොවැම්බර් 01 වැනිදා සිට සමාගමේ කොටස් කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු කිරීම අත්හිටුවීමට නියමිතව තිබුණි.  2024 මාර්තු 31 වැනිදායින් සහ 2025 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂ සම්බන්ධයෙන් නිකුත්ව තිබූ ස්වාධීන විගණන වාර්තාවල පැවැති කරුණු සලකා බලමින් 2024 අගෝස්තු 1 වැනිදා සිට සහ 2025 ජූනි 19 වැනිදා යන දිනවල දී බ්‍රවුන්ස් බීච් හොටේල්ස් පී.එල්.සී. සමාගම කොළඹ කොටස් හුවමාරුවේ Watch List ලැයිස්තුවට ඇතුළත් කෙරී තිබුණි. මෙම බ්‍රවුන්ස් බීච් හොටේල්ස් පී.එල්.සී. සමාගමේ වැඩිම කොටස් හිමිකාරීත්වය ඇත්තේ මෙල්ස්ටාකෝර්ප් සමූහයට වන අතර එය සියයට 41.88 කි. එසේම එයිට්කන් ස්පෙන්ස් හොටේල් හෝල්ඩිංග්ස් පී.එල්.සී. වෙත සියයට 36.62ක් හිමිය. මීට අමතරව ස්ටෙසන් එක්ස්පෝර්ට්ස් (පෞද්) සමාගම වෙත තවත් සියයට 9.82ක් හිමිය. 



අදහස් (0)

බ්‍රවුන්ස් බීච් හොටෙල්ස් කොටස් ගනුදෙනු අත්හිටුවීම 2026 අගෝස්තුවට කල් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site