භානුක අමරසිංහ
LOLC සමූහයට අයත් ආයෝජන හස්තය වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමේ පරිපාලිත සමාගමක් වන Browns Ari Resort (පෞද්) සමාගම සතුව තිබූ මාලදිවයිනේ පිහිටි Barcelo Whale Lagoon Maldives Resort නිවාඩු නිකේතනය සතු සියලුම වත්කම් සහ ව්‍යාපාරය සාර්ථක ලෙස අලෙවි කළ බව පවසයි.
ඒ අනුව මාලදිවයිනේ ලියාපදිංචි ASB Hotel Properties Maldives පෞද්ගලික සමාගම වෙත මෙම අලෙවි කිරීම සිදු කර ඇති අතර, එම ගනුදෙනුවේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 57.5 ක් (57,500,000 ක්) ලෙස සටහන්ව තිබේ. බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම මෙම ගනුදෙනුව පිළිබඳව පළමුවරට අනාවරණය කළේ පසුගිය සැප්තැම්බර් මාසයේදීය.
බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සතු මාලදිවයිනේ පිහිටි දේපළක් ඩො.මි. 57.5කට විකුණයි