IMG-LOGO

2026 ජුලි මස 10 වන සිකුරාදා


බ්‍රැන්ඩික්ස් සමූහයේ අධ්‍යාපනික හා ප්‍රජා සත්කාර මෙහෙවරේ තවත් අදියරක් සාර්ථකව අවසන්

බ්‍රැන්ඩික්ස් සමූහය දීර්ඝ කාලයක පටන් මෙරට සියලු‍ම දරු දැරියන්ට හා පුරවැසියන්ට හිතකර පරිසරයක් හා නිසි අධ්‍යාපනයක් නිර්මාණය කිරීම සඳහා කැපීපෙනෙන මෙහෙවරක් ඉටුකරමින් සිටී. මේ අවස්ථාවද බ්‍රැන්ඩික්ස් සමූහය සිය අධ්‍යාපනික හා ප්‍රජා සත්කාර මෙහෙවරේ තැබූ තවත් ඉදිරි පියවරකි.
මෙරට ප්‍රමුඛතම ඇඟලු‍ම් නිෂ්පාදකයා වන බ්‍රැන්ඩික්ස් සමාගම දෙහිඕවිට සහ ආඩිඅම්බලම යන ප්‍රදේශවල පාසල් සිසුන් සඳහා හා මඩකලපුව ප්‍රදේශයේ ජනතාවගේ සනීපාරක්ෂාව වෙනුවෙන් වැසිකිළි කාමර 34ක් ඉදිකර දී එය ජනතා අයිතියට පැවැරීම පසුගියදා සිදු කෙරිණි.
එම ව්‍යාපෘතියෙන් පාසල් සිසුන් සහ පුද්ගලයන් 900කට අධික පිරිසකට ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න සනීපාරක්ෂක පහසුකම් සැපයෙන අතර, බ්‍රැන්ඩික්ස් සමූහය දිවයින පුරා ප්‍රජාවට සැලකිලිමත් වීමේ සහ බලගැන්වීමේ මෙහෙවර තවදුරටත් සිදුකරමින් පවතී.
මෙම වැඩසටහනෙන් දෙහිඕවිට දෙමළ මහා විද්‍යාලයේ ගැහැනු ළමයින් සඳහා වැසිකිළි කාමර හතරක් හා ආඩිඅම්බලම බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයටද වැසිකිළි කාමර හතර බැගින් ඉදිකර ඇත. 
ඊට අමතරව සේවකයන්ගේ දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සනීපාරක්ෂක පහසුකම් ලබාදෙමින්, මඩකලපුව ප්‍රදේශයේ ස්ථාන කිහිපයක පෙර සැකසූ වැසිකිළි 26 ඉදිකර දීමටද බ්‍රැන්ඩික්ස් සමූහය කටයුතු යොදා තිබුණි. එමෙන්ම ‘ආදර්ශ ගම්මාන වැඩසටහන’ යටතේ දිවයිනේ පාසල්, රෝහල් සහ පොදු ගොඩනැගිලි සඳහා පිරිසුදු පානීය ජලය සහ සනීපාරක්ෂාව සැපයීමද බ්‍රැන්ඩික්ස් සමූහයේ තවත් අනර්ඝ සේවයකි.



අදහස් (0)

බ්‍රැන්ඩික්ස් සමූහයේ අධ්‍යාපනික හා ප්‍රජා සත්කාර මෙහෙවරේ තවත් අදියරක් සාර්ථකව අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site