IMG-LOGO

2026 මාර්තු මස 26 වන බ්‍රහස්පතින්දා


බොරතෙල් මිල යළිත් ඩොලර් 100 ඉක්මවයි

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඊයේ (12) යළිත් වරක් එක්සත් ජනපද ඩොලර් 100 ඉක්මවීය. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100.82ක අගයකට පත් විය. එසේම ඇමෙරිකානු WTI බොරතෙල් බැරලයක මිලද එක්සත් ජනපද ඩොලර් 95.12 ක අගයකට පත් විය. 

මෙහිදී ඉරානය හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දමමින්, ඒ හරහා යාත්‍රා කළ බොරතෙල් නෞකා හතරකට ප්‍රහාර එල්ල කිරිමත් සමගින්ම මෙලෙස බොරතෙල් මිල ගණන් ඉහළ යාම සිදු විය. ඒ අනුව ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම පාලනය සඳහා ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය විසින් පසුගිය බදාදා දිනයේදී වාර්තාගත ලෙස බොරතෙල් බැරල් මිලියන 400ක් නිකුත් කිරීමට ගත් පියවර ඵල රහිත කරමින් බොරතෙල් මිල ඉහළ ගොස් තිබේ. මේ අතර මැදපෙරදිග බොරතෙල් සීමාවීමත් සමගින්ම එහි වැඩි වාසි රුසියාව වෙත හිමිව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

 



අදහස් (0)

බොරතෙල් මිල යළිත් ඩොලර් 100 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site